මෙරට මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 80 ත් 100 ත් අතර සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති, ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා පවසනවා. අද (28) පැවැති “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, විෂ මත්ද්‍රව්‍ය නිවාරණය හා ඒ ස…
මෙරට මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 80 ත් 100 ත් අතර සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති, ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා පවසනවා. අද (28) පැවැති “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, විෂ මත්ද්‍රව්‍ය නිවාරණය හා ඒ සම්බන්ධ අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී ඔහු පෙන්වා දුන්නේ දිනකට මෙවැනි මරණ සිදුවෙන වෙනත් තනිපුද්ගල හේතුවක් නොමැති බවත්ය. එමෙන්ම මෙරටින් වැඩිම ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන කරුණ වන්නේ දුම්පානය බව පෙන්වා දුන් ඒ මහතා මධ්‍යසාර භාවිතයෙන් දිනකට පුද්ගල මරණ 10-15ත් අතර ප්‍රමාණයක් සිදුවන බවද පෙන්වා දුන්නේය. එමෙන්ම මේ වන විට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවත් මීට ප්‍රධානම ආරම්භය ලැබී ඇත්තේ නීතිගත මත්ද්‍රව්‍ය බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව හෙරොයින් පානය කළ පුද්ගලයෙකු හෙරොයින් පානයට පෙර දුම්පානයට ඇබ්බැහි වි ඇතැයිද ගංජා පානය කරන්නෙකුද මින් පෙර දුම්පානය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවටත් අනාවරණය වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා මේ සඳහා සාක්ෂි සහ දත්ත පවතින බවද පෙන්වා දුන්නේය.












