මට්ටක්කුලිය, ෆර්ගිවුසන් ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 140 ක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් එහි නිලධාරී කණ්ඩායමක් සිදුකළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. මත්ද්‍ර…

මට්ටක්කුලිය, ෆර්ගිවුසන් ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 140 ක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් එහි නිලධාරී කණ්ඩායමක් සිදුකළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. මත්ද්‍රව්‍ය අළෙවියන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් පනස් දහසක මුදලක් සහ ජංගම දුරකතන දෙකක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වැඩිදුර විමර්ශන සදහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කළා.