මම එන්ටර්ටේනර් කෙනෙක් මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල සාර්ථකව තිරගත වන ‘කල්පනා’, සාරංග මෙන්ඩිස්ගේ පළමු සිනමා අධ්‍යක්‍ෂණය. එහි එන එක චරිතයක් තමයි ‘බරියා’. මේ චරිතයට අමතරව බරියා, එහෙමත් නැතිනම් දෙනුවන් ‘කල්පනා’ වෙනුවෙන් ලොකු වැඩ කොටසකින් දායක වෙනව. ඒ ගැන වැඩි විස්තර දැනගන්න අපි…
මම එන්ටර්ටේනර් කෙනෙක්
මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල සාර්ථකව තිරගත වන ‘කල්පනා’, සාරංග මෙන්ඩිස්ගේ පළමු සිනමා අධ්‍යක්‍ෂණය. එහි එන එක චරිතයක් තමයි ‘බරියා’. මේ චරිතයට අමතරව බරියා, එහෙමත් නැතිනම් දෙනුවන් ‘කල්පනා’ වෙනුවෙන් ලොකු වැඩ කොටසකින් දායක වෙනව. ඒ ගැන වැඩි විස්තර දැනගන්න අපි දෙනුවන්ට සවන් දෙමු.
පුංචි කාලෙ මම ආසාවෙන් හිටියෙ වතු අධිකාරීවරයෙක් වෙන්න. නමුත් කාලයත් එක්ක ඒක සිනමාව පැත්තට හැරෙනව. එදා ඉඳන් මට සිනමාව ගැන තිබුණෙ දැඩි ඇල්මක්. මේ නිසාම පොඩි තැනකින් මම මගේ ගමන පටන්ගන්නව. අද වෙනකොට රේඛීය නිෂ්පාදකවරයාගේ භූමිකාව දක්වාම මගේ ගමන මම ඇවිත් තියෙනව.
මට ජීවිත දෙකක් තියෙනව. එකක් පෞද්ගලික ජීවිතය. අනෙක් ඒ වෘත්තීයමය ජීවිතය. වෘත්තීයමය ජීවිතයේ මට ලැබුණ හොඳම අවස්ථාව තමයි රේඛීය නිෂ්පාදකවරයෙක් වීම. ඒක ඉදිරියට පවත්වාගෙන යන එක තමයි මගේ අරමුණ.
දෙනුවන්ට ඒ වටිනා අවස්ථාව හිමිකර දුන්නෙ ‘කල්පනා’.
‘කල්පනා’ චිත්‍රපටයේ රේඛීය නිෂ්පාදකවරයා විදිහට කටයුතු කළේ මම. ඒ වගේම මේ නිර්මාණය බිහිවෙන්නෙ මගේ මූලිකත්වයෙන්. මොකද ඔස්ටේ්‍රලියාවේ පදිංචි මගේ සහෝදරයන් දෙදෙනා වන අසිත රොහාන් සහ ප්‍රදීප් ජයවීර විසින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ.
මෙහි ප්‍රධාන චරිත වන නෙත්මි රොෂෙල් සහ රවීන් කණිෂ්කගේ යහළුවා තමයි බරියා කියන්නෙ. ඔහු ඇත්තටම හොඳ යහළුවෙක්. චිත්‍රපටය පුරාවටම මේ යහළුකම දිව යනවා.
කල්පනා රූගත කිරීම් කළේ මීට අවුරුදු දෙකකට කලින්. ප්‍රධාන ලොකේෂන් විදිහට අපි ගත්තෙ නුවර සහ කොළඹ. හරිම විනෝදයෙන් සතුටින් ගත කළ තැන් වගේම ගොඩක් වෙහෙස වුණ තැනුත් තියෙනව.
සිනමාව කියන්නෙම අභියෝගයක්. ඒක ලෙහෙසි නැහැ. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා.
අභියෝග භාරගන්නා අය නිසාමයි ඕනෑම ක්‍ෂේත්‍රයක පැවැත්ම රඳාපවතින්නෙ. සිනමාවටත් එය එසේමයි.
සාරංග සහ මම අවුරුදු පහළොවක පටන්ම යහළුවො. දෙවෙනි ඉනිමෙ මයික් කියන චරිතය හරහා ඔහු මාව ලංකාව පුරාම ජනප්‍රියත්වයට පත් කළා. මොකක්දෝ හේතුවකට ඒ කළගුණ සලකන්න මටත් අවස්ථාවක් ලැබුණා. ඒ
අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සාරංගට සිනමාවට ප්‍රවේශ වෙන්න මැදිහත්කරුවෙක් හැටියට මම කටයුතු කළා.
දෙනුවන් කළගුණ සැලකුවේ එහෙමයි. විවිධ මතිමතාන්තර වගේම විවිධ කැපිලි කෙටිලි ගැනත් අහන්න ලැබෙන කලා ක්‍ෂේත්‍රය තුළ මෙවැනි හරි අපූරු දේවලුත් සිදුවෙනව.
ප්‍රේක්‍ෂකාගාරය විවිධයි. චිත්‍රපටයක් වෙනුවෙන් විවිධ මතිමතාන්තර දරන්න පුළුවන්. එහෙම වෙන්නත් ඕනා. බහුතරයක් ‘කල්පනා’ට කැමතියි. අකමැති අයත් ඇති. මේක තුළ අපි හැමෝම ආධුනිකයි. අධ්‍යක්‍ෂවරයා වගේම ප්‍රධාන නළු නිළි දෙපළත් වැඩි අත්දැකීම් නැති අය. නමුත් අපි ආරම්භයක් ලබාගත්තා.
මගේ බිරිඳ, දියණිය, අම්මා සහ තාත්තා හැම වෙලාවෙම මගෙ රඟපෑම අගය කරනව. මගේ යාළුවන්ටත් මට බණින්න දෙයක් නැහැ. මොකද අපි හැම වෙලාවෙම කරන්නෙ උත්සාහයක්නෙ. ඒක සියයට සියයක් සාර්ථක වෙන්න පුළුවන් වගේම සියයට පනහක් සාර්ථක වෙන්නත් පුළුවන්. සමහරවිට අසාර්ථක වෙන්නත් පුළුවන්.
බොහෝ නිර්මාණකරුවන් මැසිවිලි නගන්නෙ දුෂ්කර වෑයමකින් නිෂ්පාදකවරයෙක් හොයාගෙන චිත්‍රපටයක් හැදුවත් ඒක ප්‍රදර්ශනය කරගන්න අමාරුයි කියලනෙ. ඉතිං අපි දෙනුවන්ගෙන් ඒ ගැන ඇහුවා.
චිත්‍රපටයක් හැදුවාට ඒක එකවරම ප්‍රදර්ශනය කරන්න බැහැනෙ. ඒකට ක්‍රමවේදයක් තියෙනව. අපිටත් ඒ ක්‍රමවේදය අනුව අවස්ථාව ලැබුණා.
මේ දවස්වල ටෙලි නාට්‍ය වැඩ ටිකත් කරගෙන යනව. ඒ අතර ජී. නන්දසේන මහත්මයා නිෂ්පාදනය කරල අධ්‍යක්‍ෂණය කරන අලුත් ටෙලියකට සම්බන්ධ වුණා. ඊට අමතරව තවත් නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නව. චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබුණා. සී ෆික්ස් ආයතනයේ නිෂ්පාදනයෙන් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අධ්‍යක්‍ෂණය කළ සමහරු සහ සමාගම චිත්‍රපටයේත් මම පුංචි චරිතයක් කළා.
මට ලොකු අභියෝග තිබුණ නැහැ. මුහුණ දුන්න හැම දෙයක්ම ජීවිතයට පාඩමක්. අත්දැකීම් තියෙන අය මගෙත් එක්ක ඒවා බෙදා හදා ගත්තා. ඒ නිසා හොඳ අත්දැකීම් හොඳ විදිහට ගත්තා වගේම නරක අත්දැකීමුත් හොඳ විදිහට හදා ගත්තා. කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැහැ. මාව අපහසුතාවට පත්කරපු අයත් එක විදිහකට මට කළේ උදව්වක් කියලයි මම හිතන්නෙ.
දෙනුවන් රංගන ශිල්පියෙක් වගේම පූරකවරයෙක්.
පූරකවරයගේ භූමිකාව කළත් මම හිතනව මම ඇත්තටම ෆ්‍රොෆෙෂනල් මට්ටමේ කෙනෙක් නෙමෙයි කියල. මොකද මම එන්ටර්ටේනර් කෙනෙක්. ඒ එන්ටර්ටේනර් පාර්ට් එක මම පුළුවන් විදිහට කරගෙන යනව. දැනටත් ස්වාධීන රූපවාහිනියේ ගෝල්ඩන් වොලට් වැඩසටහන කරගෙන යනව. ඒකට ලැබෙන ප්‍රතිචාර නම් ඉතාම හොඳයි.
මහේෂ් එදිරිසිංහ












