සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර් බෝල් ලොතරැයිය මඟින් “මෙගා චාන්ස්” නමින් විශේෂ ලොතරැයිපතක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා. පසුගියදා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් රුපියල් කෝටි 13කට අධික සුපිරි ජයමල්ලක වාසනාවන්තයෙකු බිහිකළ සුපර් බෝල් ලොතරැයිය, සිය පාරිභෝගිකයන් වෙනුවෙනුයි මෙම සුවිශේෂී අවස්ථා…

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර් බෝල් ලොතරැයිය මඟින් “මෙගා චාන්ස්” නමින් විශේෂ ලොතරැයිපතක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා. පසුගියදා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් රුපියල් කෝටි 13කට අධික සුපිරි ජයමල්ලක වාසනාවන්තයෙකු බිහිකළ සුපර් බෝල් ලොතරැයිය, සිය පාරිභෝගිකයන් වෙනුවෙනුයි මෙම සුවිශේෂී අවස්ථාව උදාකර දී ඇත්තේ රුපියල් 40ක් වන මෙම විශේෂ ලොතරැයිපත නිල වශයෙන් හඳුන්වා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී  සිදු කෙරුණා. මෙම විශේෂ ලොතරැයිපත හරහා පාරිභෝගිකයන්ට සුපුරුදු ත්‍යාගවලට අමතරව තවත් සුවිශේෂී මුදල් ත්‍යාග රැසක් දිනාගැනීමේ අවස්ථාව හිමිවනවා. ඒ අනුව, ලොතරැයිපතේ ඉදිරිපස ඇති අංක 06කින් යුත් විශේෂ අංකය ගැළපීමෙන් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගද, අංක 05කින් යුත් විශේෂ අංකය ගැළපීමෙන් රුපියල් පනස්දහස බැගින් වූ මුදල් ත්‍යාගද දිනාගත හැකියි. මීට අමතරව, දැනට දිනපතා ලබාදෙන රුපියල් 25,000/- මුදල් ත්‍යාගයද මෙම ලොතරැයිපත සඳහා එලෙසින්ම ක්‍රියාත්මක වනවා. මෙම සියලුම විශේෂ ත්‍යාගයන් ප්‍රධාන දිනුම් ඇදීමේ ත්‍යාගවලට අමතරව හිමිවන බැවින්, වැඩි ජයග්‍රාහී අවස්ථා රැසක් උදාකර දෙන සුපර් බෝල් “මෙගා චාන්ස්” විශේෂ දිනුම් ඇදීම එළඹෙන ජූලි මස 28 වන අඟහරුවාදා දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.