මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මෙරට දරුවන් අන්තර්ජාලයට සහ ඔන්ලයින් ක්‍රීඩාවලට :(online gaming) දැඩි ලෙස ඇබ්බැහි වී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා “දිවයින” ට පැවසීය. මීට අමතරව දරුවන් සයිබර් හිංසනයන්ට ලක්වීම සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ දැල්වලට හසුව…

මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

මෙරට දරුවන් අන්තර්ජාලයට සහ ඔන්ලයින් ක්‍රීඩාවලට :(online gaming) දැඩි ලෙස ඇබ්බැහි වී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා “දිවයින” ට පැවසීය.

මීට අමතරව දරුවන් සයිබර් හිංසනයන්ට ලක්වීම සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ දැල්වලට හසුවීම යන භයානක තත්ත්වයන් සම්බන්ධයෙන් ද ඔහු අනතුරු ඇඟවීය.

දීර්ඝ වේලාවක් අන්තර්ජාලයේ සැරිසරන දරුවන්ගේ නින්ද, අධ්‍යාපනය, සාමාජික සබඳතා මෙන්ම මානසික සෞඛ්‍යය ද, සම්පූර්ණයෙන් ම කඩා වැටීමේ අවදානමක් ඇතැයි ද ඒ මහතා කීය. ඇතැම් දරුවන් එහි ඇති මූල්‍යමය පාඩුව ගැන නොසිතා ඔන්ලයින් ගේම් සඳහා මුදල් වියදම් කිරීමට පෙළඹී ඇතැයි ද ඊට අමතරව සමාජ මාධ්‍ය සහ ගේමින් ප්ලැට්ෆෝම් හරහා දරුවන් විවිධ අපහාස, තර්ජන සහ ලිංගික හෝ මානසික හිංසනයන්ට ලක්වන බව ද ඒ මහතා සඳහන් කළේය.

ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ දැන්වීම්වලට නිරාවරණය වීමෙන් කුඩා කාලයේදීම දරුවන් සූදුවට ඇබ්බැහි වීමේ විශාල තර්ජනයක් ඇති බව හෙතෙම කීය.

දරුවන් අන්තර්ජාලය තුළ කරන්නේ කුමක් දැයි යන්න පිළිබඳව දෙමාපියන් හා ගුරුවරුන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද වෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය