මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇත්තේ පසුගිය ජනවාරි පළමු වනදා සිට ජූලි පහළොස් වනදා දක්වා මෙරටට සංචාරකයින් දොළොස් ලක්ෂ තිස්හය දහස් හසිය අනූපස් දෙනෙකු පැමිණ ඇති…
මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇත්තේ පසුගිය ජනවාරි පළමු වනදා සිට ජූලි පහළොස් වනදා දක්වා මෙරටට සංචාරකයින් දොළොස් ලක්ෂ තිස්හය දහස් හසිය අනූපස් දෙනෙකු පැමිණ ඇති බවයි. මින් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී වන අතර එම අගය දෙලක්ෂ හැත්තෑ නවදහස් තුන්සිය විසිඅටක්. මේ අතර ජූලි මාසයේ ගතවූ දින පහළොවක කාලය තුළ මෙරටට සංචාරකයින් අනූදහස් එකසිය විසි දෙදෙනෙකු පැමිණ තිබෙනවා. වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. ඒ අනුව ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව තුන්ලක්ෂ දහහතර දහස් එකසිය හැටතුනක්. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් එක්ලක්ෂ දහහත් දහස් අටසිය හතළිස් හතරක් සහ චීනයෙන් සංචාරකයින් අසූඑක් දහස් හයසිය හැටපහක් මෙන්ම රුසියාවෙන් සංචාරකයින් හැත්තෑඅට දහස් දෙසිය හැත්තෑ හයක්ද වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ලෙසයි වාර්තා වන්නේ. මේ අතර මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ආදායමෙන් මෙරට උපයාගෙන ඇති මුදල රුපියල් බිලියන හාරසිය හැත්තෑපහක් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

