මෙසීගේ නායකත්වය ක්‍රිස්ටියන් රොමෙරෝට වසර 20ක දීර්ඝ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා ජීවිතය නිම කරමින් ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීම ගැන සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් කියා සිටියේ සංවේදීවයි. ලෝක කුසලාන අවසන්…

මෙසීගේ නායකත්වය ක්‍රිස්ටියන් රොමෙරෝට

වසර 20ක දීර්ඝ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා ජීවිතය නිම කරමින් ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීම ගැන සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් කියා සිටියේ සංවේදීවයි.

ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව බොහෝ දුරට සිතා බල අමාරුවෙන් නමුත් මම මෙම තීරණය ගත්තා. ජාතික කණ්ඩායමෙන් සමුගැනීමට මෙය නිවැරදිම මොහොත බව මට සිතෙනවා. මම සෑම විටම මගේ උපරිමය ජාතික කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. මට දැන් ලබා දීමට තවත් කිසිවක් ඉතිරිව නැහැ. එමෙන්ම කණ්ඩායමට පැමිණීමට සුදුසු දක්ෂ නැගී එන යෞවන ක්‍රීඩකයන් රැසක් සිටිනවා.”

මින් ඉදිරියට ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තද සිය කණ්ඩායමට සහය දක්වන බවත් සහය දැක්වූ සියලුම ප්‍රේක්‍ෂකයන්ට, පවුලේ සාමාජිකයන්ට නායකයන්ට සහ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ස්තුතිය පුද කරන බවයි.

තවද අට වතාවක් බැලන්ඩි ඕර් සම්මානයෙන් පිදුම් ලැබූ ලියොනල් මෙසී 2014 සිට 2016 දක්වා කාලය තුළ අවසන් මහා තරග 3ක් පරාජය වීම නිසා එකල ද ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කළ අතර පසුව ක්‍රීඩා ලෝලීන්ගේ ඉල්ලීම මත යළිත් කණ්ඩායමට එක් විය.

ඉන්පසු 2021 කොපා ඇමෙරිකා කුසලානය, 2022 පාපන්දු ලෝක කුසලානය සහ 2024 කොපා ඇමෙරිකා කුසලානය ජයග්‍රහණය කිරීමට මෙසී ඇතුළු ආර්ජන්ටිනා කණ්ඩායමට හැකියාව ලැබිණි. ආර්ජන්ටිනාව වෙනුවෙන් මෙසී තරග 207කට සහභාගි වී ගෝල 125ක් ලබාගෙන ඇත. ඒ අනුව මෙසී ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව කණ්ඩායමේ නායකත්වය ක්‍රිස්ටින් රොමෙරෝ පත්කර තිබෙන අතර ආර්ජන්ටිනා කණ්ඩායමේ ප්‍රබල ආරක්‍ෂක ක්‍රීඩකයකු ලෙස සුවිශේෂී මෙහෙවරක් කර ඇති 28 හැවිරිදි ක්‍රිස්ටින් රොමෙරෝ කණ්ඩායමට ඉහළ දායකත්වය ලබා දෙනු ඇතැයි ද මෙසී අගය කර තිබීමද විශේෂත්වයකි.සුසිල් ජයකොඩි