මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඒ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව පස්වරු 3.30 සිට 6.30 දක්වා එම විවාදය පැවැත්වීමටයි ආණ්ඩු පක්‍ෂයද එකඟතාව පළ කළේ. ජනාධිපති අනුර කුමාර දිසාන…
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඒ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව පස්වරු 3.30 සිට 6.30 දක්වා එම විවාදය පැවැත්වීමටයි ආණ්ඩු පක්‍ෂයද එකඟතාව පළ කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවද අවලංගු කර අධිකරණ අමාත්‍යවරයා මෙම සභාව කල්තැබීමේ විවාදයට සම්බන්ධ වන බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියාසිටියා.

