මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීගමුව පොලිසිය පැවසුවේ අදාල ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 29 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒ අතර සිටි රැඳවියන් දෙදෙනෙක්. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුම තවදුරට…
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීගමුව පොලිසිය පැවසුවේ අදාල ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 29 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒ අතර සිටි රැඳවියන් දෙදෙනෙක්. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුම තවදුරටත් පවතින බවයි වාර්තා වුණේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් ද කැදවා තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස්වරිස් ජනරාල්වරයා ද මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා. උසස් නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වී ඇත්තේ ගැටුමට සම්බන්ධ රැඳවියන් පිරිසක් තාවකාලිකව වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමටයි. ඒ, මීගමුව බන්ධනාගාර තදබදය ද සැලකිල්ලට ගනිමින්. රැඳවියන් දෙපිරිස අතර ගැටුම හටගත් හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ

