මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 12,000ක් සිටිය යුතු වූවත්, එය 42,000ක් දක්වා වැඩි වුයේ පොලිසිය ප්‍රශස්තනීය ලෙස රාජකාරි කල නිසා බව මධ්‍යම පළාතභාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසනවා. කෙසේවෙතත් එලෙස බන්ධනාගාර ගතවන රැදවියන්ගෙන් බොහෝ පිරිසකගේ පවුල්වල දරුවන්ටද දැඩි බලපෑ…

මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 12,000ක් සිටිය යුතු වූවත්, එය 42,000ක් දක්වා වැඩි වුයේ පොලිසිය ප්‍රශස්තනීය ලෙස රාජකාරි කල නිසා බව මධ්‍යම පළාතභාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසනවා. කෙසේවෙතත් එලෙස බන්ධනාගාර ගතවන රැදවියන්ගෙන් බොහෝ පිරිසකගේ පවුල්වල දරුවන්ටද දැඩි බලපෑම් එල්ල වන බවයි ඔහු කියාසිටියේ. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද “සුරක්ෂිත හෙටක් සදහා දරුවන් වෙනුවෙන් අපගේ මෙහෙවර” යන මැයෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ පාසල්වල ගුරුවරුන්, රාජ්‍ය නිළධාරින් සහ සේවකයින්, පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරිම සදහා පැවති උත්සවයකට එක්වෙමින් මධ්‍යම පළාතභාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මෙම අදහස් පළ කළා. එම උත්සවය හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේදී පැවැත්වුණා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මධ්‍යම පළාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ, “අපේ හැටන් ප්‍රදේශය තුල ඒ වගේ මත්ද්‍රව්‍ය නෑ කියලා හිතුවට අලි නිවැරදි ක්‍රමවේදයක් නොගනිත්තොත් තව අවුරුදු 10ක් යනකොට මේ අම්මලා තාත්තලාට කියන්න වෙයි කොළඹ වගේ අපෙත් හැම ගෙදරම ළමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා. එතකොට ඒක නිසා මේ දැනුවත් කිරිමේ අපේ අරමුණ අපි තනි තනියෙන් ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ රාජ්‍ය නිළධාරින් එක කාර්යක් කරනවා. පාසල්වල ගුරුවරු වෙනම කාර්යක් කරනවා. පොලිසිය පැත්තෙන් අපි වෙනම එකක් කරනවා. මේ කට්ටිය එක එක්කෙනා තැන් තැන්වලින් අරගෙන යනවා. අපි කවුරුත් එකතු වෙලා වැඩ ටික බෙදාගෙන දරුවෝ ටික බෙදාගෙන ගම් බෙදාගෙන වැඩ කරන්න තිබුනොත් අපි අදුරේ අතපත ගානවා වගේ තමයි අපි මේ තරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු සිදු වෙන්නේ. ඔබ දන්නවාද මෙතන ඉන්නවා ළමා හිමිකම් නිළධාරින් ඇති, පරිවාස නිළධාරින් ඉන්නවා, පොලිසිය විදිහට අප හදුනා ගනිමු ප්‍රමාණය විතරක් මේ වනකොට ඉන්නවා හැටන් මේ කොට්ඨාශයේ ළමයි 1186ක්. ළමා හිමිකම් නිළධාරින් කීයක් ඉන්නවද කියලා දැනගන්න කැමතියි මේ පොලිස් වසම්වල?. එක්කෙනයි. එතකොට පූර්ණ ළමාවිය සංවර්ධන නිළධාරින්? එක්කෙනයි. එතකොට මනෝ උපදේශක මහත්මියක් ඉන්නවද? මේ ප්‍රමාණය ගත්තොත්, ඇත්ත වශයෙන්ම අනාරක්ෂිත ප්‍රමාණය නෙවෙයි මේ වගේ අඩුම ගානේ තුන් ගුණයක් ඉන්නවා. මම මේ ක්‍රියාවලිය ආරම්භ කළේ මධ්‍යම පළාතට ඇවිල්ලා 2023 මම මෙහෙට ඇවිල්ලා ළමයි කොච්චර ප්‍රමාණයක් මධ්‍යම පළාත තුල 14865ක් ඉන්නවා. අපි හදුනා ගනිමු. එතකොට ඇත්තටම අපි මේ කාර්ය පොලිසියේ සෘජු කාර්යක් නොවුනද, මේ හරහා මේ දරුවෝ අණාරක්ෂිත වීමත් එක්ක මේ රටේ එක පැත්තකින්, වැරදි ලිංගික සම්බන්ධතාවලට ගිහින් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ඒ පැත්තෙන් විනාශවල තරුණ දරුවෝ සහ දැරියෝ සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා ජීවිතය විනාශ කරගන්න දරුවොත් දැරියොත් ප්‍රමාණය වර්ධනය වුනොත් අපේ රටට මේක කළමණාකරනය කර ගත නොහැකි තත්ත්වයකට පත් වෙනවා. අපි සියලු දෙනා එකතු වෙලා යම් පොදු වැඩ කටයුත්තක් ක්‍රියාත්මක නොකළොත්. ඔබ පහුගිය කාලයේ දකින්න ඇති මීගමුව බන්ධනාගාරයේ ඇති වුණ සිද්ධියත් සමග එළියට ආපු තිත්ත කථාව, 12000ක් ඉන්න පුළුවන් බන්ධනාගාරයේ, 42000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඔකේ කවුරුහරි කියනවා නම්, මං කියන්නෑ පොලිසිය අපිප්‍රශස්ත විදිහට 100%ක් රාජකාරි කරනවා කියලා. අපි රාජකාරි කළේ නැත්නම්, 12000ක් ඉන්න ඕන බන්ධනාගාරයේ කොහොමද 42000ක් ඉන්නේ? එතකොට මේ ඉන්න 42000න්, වැරදිකරුවන් බවට පත් වෙලා ඉන්න ප්‍රමාණය හැර, අනිත් අය වසර ගනන් බන්ධනාගාර ගත වෙලා ඉන්නකොට, ඔවුන් තමයි පවුලේ ආදායම් උපදවන පුද්ගලයන්. එතකොට ආදායම් උපදවන පුද්ගලයා නැති වුනාම ඒ ගෙදර අම්මා කොහොමද ආරක්ෂිතව තමන්ගේ දරුවා නිවැරදි පුද්ගලයෙක් බවට පත් කරලා දරුවන්ව ඉදිරිපත් කරන්න තියෙන හැකියාව. ඒක නිසා එක පැත්තකින් ඒ වගේ මිනිසුන්ගේ පවුල් ආරක්ෂා කරගන්න වෙන මොකුත් නෙවෙයි, ඔවුන්ගේ දරුවනුත් අපරාධකරුවන් බවට පත් වෙලා සමාජයට පිළිලයක් වෙන එක නවත්වන්න සමාජය විදිහට අපිට වගකීමක් නැද්ද?. ඉතින් අපිට තියන කාර්ය සහ හැකියාව තුල අපි දැනට මේ දරුවන් ආරක්ෂා කරගන්න, අපි දරුවෝ, දැරියන් ආරක්ෂිත, අනාරක්ෂිත විදිහට වර්ගීකරණයක් කරලා අධීක්ෂණය කිරිමේ ක්‍රමවේදයක් හදලා තියනවා”. යනුවෙන් පැවසීය. මෙම දැනුවත් කිරිමේ වැඩසටහනෙන් අනතුරුව හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් මධ්‍යම පළාත් ජේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් පතිනායක මහතාට උපහාර දක්වා සිහිවටන තිළිණයක්ද පිරිණමනු ලැබීය. මෙම අවස්ථාවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුලු හැටන් කොට්ඨාශ පොලිස් බල ප්‍රදේශයේ සියලුම පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ එම පළාත් වල ගුරුවරුන් ඇතුලු රාජ්‍ය සේවකයින් රැසක් සහභාගි වී සිටියහ.