මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව එක් නිලධාරියෙකු ඊයේ රාත්‍රියේද අනෙක් නි…

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව එක් නිලධාරියෙකු ඊයේ රාත්‍රියේද අනෙක් නිලධාරියා අද අලුයම ද ජීවිතක්‍ෂයට පත් ව තිබෙනවා. ඔවුන් දෙදෙනා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙක් වනවා. ඒ අනුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්‍ෂයට පත් වූ නිලධාරීන් ගණන 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රැදවියන් 21 දෙනෙකුද එහිදී ජීවිතක්‍ෂයට පත් වුණා.