මීගමුව බන්ධනාගාරයේ ඉකුත්දා ඇති වූ කළහයේදී දේපළ රැසකටද අලාභ සිදුව තිබෙනවා. කළහකාරීව හැසිරුණු රැදවූවන් බන්ධනාගාරයේ බොඩි ස්කෑනර් යන්ත්‍රවලටද හානි සිදුකර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය හෝ වෙනත් තහනම් ද්‍රව්‍ය රැගෙනඒම වැළැක්වීම සදහා බොඩි ස්කෑනර් ස්ථාපිත…
මීගමුව බන්ධනාගාරයේ ඉකුත්දා ඇති වූ කළහයේදී දේපළ රැසකටද අලාභ සිදුව තිබෙනවා. කළහකාරීව හැසිරුණු රැදවූවන් බන්ධනාගාරයේ බොඩි ස්කෑනර් යන්ත්‍රවලටද හානි සිදුකර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය හෝ වෙනත් තහනම් ද්‍රව්‍ය රැගෙනඒම වැළැක්වීම සදහා බොඩි ස්කෑනර් ස්ථාපිත කර තිබෙනවා. තතුදත් ඇතැම් අය පවසන පරිදි මෙම යන්ත්‍රවලට රැදවුවන් විසින් හානිකර ඇත්තේ අහම්බෙන් නොව සිතාමතා සැලසුම් කරද විය හැකියි. කළහකාරී ලෙස හැසිරුණු රැදවුවන් මීගමුව බන්ධනාගාරයේ සී සී ටී වී පද්ධතියටද හානි සිදුකර තිබෙනවා. දර්ශන පටිගත කරන ඇතැම් යන්ත්‍ර විනාශ කර ඇති නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. කැමරා සමහරක්ද ගලවා විනාශ කර තිබෙනවා. කළහකාරී ලෙස හැසිරුණු රැදවුවන් සි සි ටී වී පද්ධතියට ද හානි සිදුකර ඇත්තේ සිතාමතා සැලසුම් කර විය හැකි බවටයි තතු දත් අය සැක පළ කරන්නේ. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කළහය විදෙස්ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හෝ කිහිප දෙනෙකු විසින් මෙහෙයවා ඇති බවටද තොරතුරු තිබෙනවා. ඩුබායිහි සැගව සිටින බවට විශ්වාස කරන ඩූම් නමැත්තෙකු සහ අඩා නමැත්තෙකුගේ කල්ලි අතර ගැටුමක් මෙලෙස පුපුරාගොස් ඇති බවයි සැක කෙරෙන්නේ. ඩූම් නමැත්තාගේ සමීපතමයෙකු මීගමුව බන්ධනාගාරයේ රදවනු ලැබ සිට ඇතැයිද ඔහු ඇතුළු කණ්ඩායමක් බන්ධනාගාරයේ සිටම මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවා ඇතැයිද කියවෙනවා. නෙත් නිවුස් වෙත ලැබුණු තවත් තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කටුවැල්ලේගොඩ සුරේෂ් නමැත්තෙකුද මීගමුව බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවා ඇති බවයි කියවෙන්නේ. බන්ධනාගාරයේ සිට කලක් තිස්සේ සිදුවන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ප්‍රතිකණ්ඩායම්වලට සහය දක්වන රැදවුවන් කිහිප දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදී ඇතැයි ද ඒ පිළිබද දැනගෙන ඔවුන්ගෙන් පළිගැනීම සදහා ජාවාරමේ යෙදී සිටින කණ්ඩායම පහරදීමක් සැලසුම් කර ඇතැයිද තොරතුරු තිබෙනවා. ගැටුම මුල් අවස්ථාවේ පහරදීම සදහා යොදාගෙන ඇත්තේ සගවා තිබූ යකඩ පොලු සහ ගල් කුට්ටි වැනි දෑයි. ගැටුමේදි පළමුවෙන් මියගිය රැදවූවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නිලධාරීන්ට තොරතුරු දුන් අය බවද කියවෙනවා. කෙසේවෙතත් බන්ධනාගාරය තුළ සිදුවන ජාවාරමක් සම්බන්ධයෙන් නිලධාරීන්ට තොරතුරු ලබාදුන් අය ජාවාරම්කරුවන් විසින් දැන ගත්තේ කෙසේ දැයි පවතින්නේ බරපතල සැකයක්. මෙයි බන්ධනාගාර පද්ධතියේ අවංකභාවය නැවත ප්‍රශ්න කරන බව තතු දත් අය පවසනවා. ගැටුම පාලනය කිරීම සදහා බන්ධනාර නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබදව සතුටු විය නොහැකි බවයි විෂය පිළිබද ප්‍රවීණයන් පවසන්නේ. ජීවිත පවා හානි කරමින් ගැටුම තිව්‍රවද්දීත් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හෝ හමුදාවන් කැදවීමට පවා කඩිනම් වී තිබුණේ නැහැ. පොලීසිය ඇතුළු සෙසු ආරක්‍ෂක කණ්ඩායම්වලට බන්ධනාගාරයට ඇතුළුවීමට කැදවීම් ලැබුණේ බරපතල ජිවිත හානි සහ තුවාල සිදුවී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහී ගිය අවසන් මොහොතේයි. ඇති වූ කලහය පිළිබද කෙරෙන විමර්ශනවලදී මෙම කරුණු කෙරෙහිද අවධානය යොමු විය යුතු බව විෂය පිළිබද ප්‍රවීණයන් පෙන්වා දෙනවා.

