මීගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් මියගිය පිරිස 25ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා. එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකුද මියගොස් ඇති බවයි මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ. තුවාල ලැබූ සියයකට අධික පිරිසක් එම රෝහල වෙත රැගෙනවිත් තිබු බවත් ඉන් බරපතල…

මීගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් මියගිය පිරිස 25ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා. එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකුද මියගොස් ඇති බවයි මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ. තුවාල ලැබූ සියයකට අධික පිරිසක් එම රෝහල වෙත රැගෙනවිත් තිබු බවත් ඉන් බරපතල තත්ත්වයේ පසු වූ අට දෙනෙකුට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් එම උසස් නිලධාරියා පැවසුවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ අද පෙරවරුවේ හටගත් ගැටුම මේ වනවිට යම් තාක් දුරකට පාලනය කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ සි ගජනායක මහතා මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශ කළා. ඒ අනුව එම බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් කිහිප දෙනෙකු බන්ධනාගාර බස් රථ කිහිපයකින් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා.