මීගමුව බන්ධනාගාරයේ පසුගියදා හටගත් ගැටුමේදී කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියා ස්ථාන මාරු කළ බන්ධනාගාරය පිලිබද හෙළි කළාට බන්ධනාගාර නිලධාරීන් සිය විරෝධය පළ කරනවා. ඇතැම් මාධ්‍ය ඊයේ දිනයේ එම නිලධාරියා ස්ථාන මාරු කළ බව වාර්තා කර තිබුණා. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසූ බව සදහන් කරමින්. බ…

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා හටගත් ගැටුමේදී කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියා ස්ථාන මාරු කළ බන්ධනාගාරය පිලිබද හෙළි කළාට බන්ධනාගාර නිලධාරීන් සිය විරෝධය පළ කරනවා. ඇතැම් මාධ්‍ය ඊයේ දිනයේ එම නිලධාරියා ස්ථාන  මාරු කළ බව වාර්තා කර තිබුණා. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසූ බව සදහන් කරමින්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිදුකළ බව කියන එම අනාවරණය දැඩි පිළිකුල් සහගතව හෙළා දකින බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ. සිදුවීමට ගිය මහා විනාශයක් නතර කිරීමට සිය ජීවිතය ගැනද නොසිතා මීගමුව බන්ධනාගාරය තුළට වෙඩි තැබූ සිය සහෝදර බන්ධනාගාර නියාමක නිලධාරියාට මේ වනවිට මරණ තර්ජන ද එල්ල වී ඇතැයි බන්ධනාගාර නිලධාරීන් පවසනවා. එවන් පසුබිමක් තුළ පෙරටත් වඩා සිය සහෝදර නිලධාරියාගේ ආරක්ෂාව ගැන සිතා කටයුතු කරන ලෙස ඔවුන් බන්ධනාගාර පරිපාලනයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර එම නිලධාරියා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් නෙත් නිව්ස් පළමුවරට අනාවරණ කළා. කෙසේවෙතත් ඔහුගේ ආරක්ෂාව පිලිබද සැලකිල්ලට ගනිමින් ඔහු ස්ථාන මාරු කළ බන්ධනාගාරය පිළිබද අනාවරණ කළේ නැහැ.