මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලෙස තමන් වගකීම භාරගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු…
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලෙස තමන් වගකීම භාරගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමටයි එලෙස අනුමැතිය හිමිව ඇත්තේ. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව හමුවේ මියගිය පුද්ගලයන් ගණන තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා. ඒ අනුව පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බවත් ඒ අතර නිලධාරින් 7 දෙනෙකු වන බවත් වැඩිදුරටත් වාර්තා වුණා.

