අවුරුදු 18ට වැඩි ජනගහනයෙන් මිලියන 12කට පමණ මේ වන විට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය නිකුත් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය මිලියන 17 ක් බව ද ඔහු කියා සිටියේය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව…
අවුරුදු 18ට වැඩි ජනගහනයෙන් මිලියන 12කට පමණ මේ වන විට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය නිකුත් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය මිලියන 17 ක් බව ද ඔහු කියා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ඊයේ (26) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, නිශාන්ත ජයවීර මහතා කීවේ ටින් අංකය මේ වෙන කොට ගොඩක් දෙනකුට නිකුත් වෙලා තිබුණාට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පුද්ගලයින්ට එය තැපෑලෙන් යවා නැති නිසා තමන්ට ටින් අංකයක් තියෙනවාද කියා ගොඩාක් දෙනෙක් නොදන්නා බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

