ලබන වසර සඳහා ද පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීමට චීනය ඉදිරිපත්ව සිටිනවා. සිසුන් මිලියන 4කට වැඩි පිරිසකට රෙදි මීටර් මිලියන 10කට අධික ප්‍රමාණයක් මෙලෙස පරිත්‍යාග කිරීමට නියමිතයි. රජයේ පාසල් රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල සිසුන් හා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙත ලබන වසර…

ලබන වසර සඳහා ද පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීමට චීනය ඉදිරිපත්ව සිටිනවා. සිසුන් මිලියන 4කට වැඩි පිරිසකට රෙදි මීටර් මිලියන 10කට අධික ප්‍රමාණයක් මෙලෙස පරිත්‍යාග කිරීමට නියමිතයි. රජයේ පාසල් රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල සිසුන් හා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙත ලබන වසර සඳහා ද නිල ඇදුම් රෙදි ලබාදීම සිදුකෙරෙනවා. මෙවර ද පාසල් නිල ඇදුම් රෙදි ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජය ඉදිරිපත්ව සිටිනවා. ඊට අදාළ සහතික පත් හුවමාරු කර ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන් හොන්ග් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා අතරයි. 2027 වසර සඳහා සිසුන් මිලියන 4.18කට ආසන්න පිරිසකගේ නිල ඇදුම් අවශ්‍යතාව සපුරාලීමට නියමිතයි. ඒ සදහා රෙදි මීටර් මිලියන 10.82ක ප්‍රමාණයකින් යුත් රෙදි චීන රජය මගින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර 2026 වසරට අදාළව ජාතික පාසල් වාර්ෂික අනිවාර්ය ගුරු ස්ථාන මාරු සදහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව ඊයේ දින සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගුරු ස්ථාන මාරු අයදුම් කිරීමේ හැකියාව පවතිනවා .