නාමල්ට එරෙහි නඩුවකට අධිකරණය අද දුන් නියෝගය Published July 7, 2026 1:45pm ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අප…

නාමල්ට එරෙහි නඩුවකට අධිකරණය අද දුන් නියෝගය

Published July 7, 2026 1:45pm

ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අදාල නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කරන ලෙස විනිසුරුවරිය විසින් නියම කරනු ලැබුවා. ඉන් අනතුරුව නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණා.