වැල්ලවැයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එම බස් රථෙය් ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්තික් මහ රෝහලට 29 දින ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය පවසයි. උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගය…
වැල්ලවැයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එම බස් රථෙය් ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්තික් මහ රෝහලට 29 දින ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය පවසයි.
උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේදීය. වැල්ලවායේ සිට නාවලපිටිය ප්‍රදේශයේ 29 දින පැවැති විවාහ මංගල උත්සවයකට පැමිණි බස් රථයක් මෙසේ අනතුරට පත් වී ඇත්තේය. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි 27 දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරට හේතුව බස් රථයේ රියදුරුට නින්ද යෑම බවට සැක කරන බව නාවලපිටිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු කියා සිටියේය.නුවරඑළිය – නාලක රත්නායක

