අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය නාවල , විජයබා මාවත, අංක 30 දරණ නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා. ඒ අනුව ඇයට අවසන් ගෞරව දැක්වීම සදහා බොහෝ පිරිසක් එම සංගීත ආශ්‍රමයට පැමිණෙමින් සිටිනවා. ඒ පිළිබද තවත් තොරතුරු නන්දා මාලනී සංගී…

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය නාවල , විජයබා මාවත, අංක 30 දරණ නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා. ඒ අනුව ඇයට අවසන් ගෞරව දැක්වීම සදහා බොහෝ පිරිසක් එම සංගීත ආශ්‍රමයට පැමිණෙමින් සිටිනවා. ඒ පිළිබද තවත් තොරතුරු  නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ රැදී සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ ගෙන්. ''අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලිනියගේ දේහය මේ වන විට එතුමියගේ නිවස පිහිටා තිබෙන නාවල, විජයබා මාවතේ අංක 30 සංගීත ආශ්‍රමයේ, එතුමියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. විශේෂයෙන්ම එතුමියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු රසික ජනතාව විශාල පිරිසක් පැමිණෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. එතුමියගේ අවසන් කැමති පත්‍රය අනුව එතුමියගේ අවසන් කටයුතු සිදු කිරීමට පවුලේ ඥාතීන් ඇතුළු කලාකරුවන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් විසින් තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තමයි අද දිනය ඇතුළුව දින තුනක ශෝක කාලයක් ද එතුමියගේ අභාවය වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. තවත් සඳහන් කළ යුතු කාරණාවක් තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මේ වන විට නිවේදනයක් මගින් නිකුත් කර තිබෙනවා, රාජ්‍ය ආයතන තුළ ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසද මේ වන විට රජය නිවේදනය කර තිබෙනවා. විශේෂයෙන්ම තවත් සඳහන් කළ යුතු කාරණාවක් තමයි මේ වන විටත් එතුමියගේ නිවසට කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු රසික ජනතාව විශාල පිරිසක් පැමිණෙමින් සිටින ආකාරය තමයි අපට දක්නට ලැබෙන්නේ. තවත් සඳහන් කළ යුතු කාරණාවක් තමයි එතුමියගේ අවසන් කැමති පත්‍රය අනුව තමයි සියලු කටයුතු සිදුවන බව පවුලේ ඥාතීන් සඳහන් කළේ.'' අභාවප්‍රාප්ත නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු 5 ට බොරැල්ල කනත්තේදි සිදු කිරීමට නියමිතයි.