නවගමුව, කොරතොට ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. අදාළ වෙඩි…
නවගමුව, කොරතොට ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. අදාළ වෙඩි තැබීම සදහා යතුරු පැදියකින් පැමිණි සැකකරුවෙකු හා එම අපරාධය සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු දෙල්ගොඩ ප්‍රදේශයේදී එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම අදාළ යතුරු පැදිය ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් රණාල හා පල්ලම ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

