කඩුවෙල, කොරතොට වදුරාමුල්ල ප්‍රදේශයේ දී වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා අතුරුගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ දණහිස ප්‍රදේශයට වෙඩි වැදි ඇති බවයි පොලීසිය පැවසුවේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හෝ පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි දැනට සිදුකළ පොලිස් විමර්ශනවලද…
කඩුවෙල, කොරතොට වදුරාමුල්ල ප්‍රදේශයේ දී වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා අතුරුගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ දණහිස ප්‍රදේශයට වෙඩි වැදි ඇති බවයි පොලීසිය පැවසුවේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හෝ පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි දැනට සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. වදුරාමුල්ල, නිසල පෙදෙසේ නිවසක පිටුපස තාප්පය අසල රැදී සිටියදී අදාළ පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. වයස අවුරුදු 26ක් වන ඔහු කඩුවෙල, වෙලේ හංදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

