“නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල බලධාරීන් පවසනවා. තවත් පුද්ගලයින් 2,500 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. “මේ අතර, නායයෑම්වලින් විනාශ වූ ගොඩ…
“නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල බලධාරීන් පවසනවා. තවත් පුද්ගලයින් 2,500 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. “මේ අතර, නායයෑම්වලින් විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි මනීෂා නැමැති 05 හැවිරිදි දැරියක් ආරක්ෂිතව මුදාගෙන ඇගේ දෙමාපියන්ට භාරදීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා. දැනට කත්මණ්ඩු නුවර රෝහලක ප්‍රතිකාර ලබන මෙම දැරිය මුදාගන්නා සංවේදී දර්ශන පෙළක් ද මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.”
“මේ අතර, චීනයට අයත් ටිබෙට් කලාපයේ ද මරණ 16 ක් සහ අතුරුදහන්වීම් 546 ක් වාර්තා වන බව චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා. කෙසේ වෙතත්, චීන පාලනය මගින් පනවා ඇති තොරතුරු වාරණය හේතුවෙන් ටිබෙට් කලාපයේ සිදුවූ හානියේ සැබෑ ප්‍රමාණය තක්සේරු කිරීම අතිශය දුෂ්කර වී ඇති බවයි විදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.” “එමෙන්ම සෙනසුරාදා සිදු වූ නායයෑමක් හේතුවෙන් ස්වාභාවික ලෙස නිර්මාණය වූ ‘තදබද වූ විලක්’ (Barrier Lake) පිළිබඳව පරීක්ෂණ පවත්වන බව චීන මාධ්‍ය පවසනවා. මෙම විල පිටාර ගැලුවහොත් දෙවන වරටත් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි අතර, එය පළමු ගංවතුරට වඩා කුඩා වුව ද දැඩි විනාශයක් සිදු කළ හැකි බවයි ආපදා අවදානම් පිළිබඳ විශේෂඥයින් අනතුරු අඟවන්නේ.”










