නිර්මල බුදු දහම මෙරටට දායාද කළ මහින්දාගමනය සිදු වූ පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොහොය දිනකයි. එමෙන්ම බුදු ර…

නිර්මල බුදු දහම මෙරටට දායාද කළ මහින්දාගමනය සිදු වූ පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොහොය දිනකයි. එමෙන්ම බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද ඇතුළු ශාසන ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීම්  කිහිපයක්  අදවන් පොසොන් පුර පසළොස්වක පොහො දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සදහන්. මේ අතර ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලින් යුක්තව තම පවුලේ සියලු දෙනා සමඟ ආගමානුකූලව අද දිනයේ කටයුතු කරන ලෙසයි කොළඹ මහනාම විද්‍යාලයේ සහකාර විදුහල්පති පොල්ගස්ඕවිට, සියඹලාගොඩ සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ සියලු සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියේ. මේ අතර පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කෙරෙන නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා පිංකම් මාලාව අද දවස පුරා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා.