ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්‍ර සැකකටයුතු ලෙස ව්‍යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනි…

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්‍ර සැකකටයුතු ලෙස ව්‍යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය.

බත්තරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්‍යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. පසුව මුවින් වෑහෙන රුධිරය කොට්ටය මත තිබෙන අයුරු අදාළ ව්‍යාපාරිකයා දැක ඇත. ඇය මිය යන විට 46 වැනි වියේ පසුවිය. පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.