කොත්මලේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පංච මහා විහාරාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී කර්මාචාර්ය, ප්‍රවීනාචාර්ය නියංගම්දොර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී තිබෙනවා. කොත්මලේ අඹතලාව ප්‍රඥා ප්‍රදීප පිරිවෙන් විහාරස්ථානයේ විශ්‍රාමික පරිවේනාධිපති, කොත්මලේ සාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභා…
කොත්මලේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පංච මහා විහාරාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී කර්මාචාර්ය, ප්‍රවීනාචාර්ය නියංගම්දොර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී තිබෙනවා. කොත්මලේ අඹතලාව ප්‍රඥා ප්‍රදීප පිරිවෙන් විහාරස්ථානයේ විශ්‍රාමික පරිවේනාධිපති, කොත්මලේ සාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති ලෙස උන්වහන්සේ වැඩසටහන් රැසකට නායකත්වය ලබාදුන්නා. ඒ යටතේ ගුරු ගෝල පරම්පරාවක් මහ සඟරුවනට දායාද කිරීමටද උන්වහන්සේ මූලිකත්වය ගෙන තිබුණා. අපවත් වී වදාළ නියංගම්දොර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන 15 වනදා පස්වරු 2.00ට කො ත්මලේ නව නගරය මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරෙනවා.

