නිවසක් ඉදිකර පවතින භූමියේ ඊශාන දිශාව, නැඟෙනහිර දිශාව අවහිරවීම, දුර්වලවීම නිසා නිවසට ලැබෙන ආලෝකය අහිමි වේ. නැඟෙනහිර දිශාවේ මායිම, බිත්තියට එන ලෙස නිවස ඉදිකිරීමෙන් එම නිවසේ දැඩි අඳුරක් දහවල් කාලයේ පවතී. ඊශාන දිශාව අවහිරවීම නිසා විශ්ව ශක්තිය පැමිණීම දුර්වල වේ. මෙය බලවත් වාස්තු දෝෂය…

නිවසක් ඉදිකර පවතින භූමියේ ඊශාන දිශාව, නැඟෙනහිර දිශාව අවහිරවීම, දුර්වලවීම නිසා නිවසට ලැබෙන ආලෝකය අහිමි වේ. නැඟෙනහිර දිශාවේ මායිම, බිත්තියට එන ලෙස නිවස ඉදිකිරීමෙන් එම නිවසේ දැඩි අඳුරක් දහවල් කාලයේ පවතී. ඊශාන දිශාව අවහිරවීම නිසා විශ්ව ශක්තිය පැමිණීම දුර්වල වේ. මෙය බලවත් වාස්තු දෝෂයක් වන අතර, නිවසේ අන්ධක දෝෂය හට ගනී. මෙවැනි නිවෙස්වලට විෂ ඝෝර සර්පයන් නිතර පැමිණේ. කුඩා භූමියක වුවද නිවාස ඉදිකිරීමේදී නැඟෙනහිර දිශාවට පොඩි ඉඩක් හෝ තබා නිවස ඉදිකළ යුතුය.

අතීතයේ සිටම මනුෂ්‍යයන් හා සත්වයන් අතර මනා සබඳතාවයක් පවතී. මනුෂ්‍යාගේ ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ගොවිතැන් කටයුතු වලට සතුන්ගෙන් විශාල දායකත්වයක් හිමි වේ. මෙහිදී බල්ලා, බළලා, ගවයා ආදී සත්වයන් එදිනෙදා ජීවිතයේදී මනුෂ්‍යයාට ඉමහත් පිටුවහලක් සිදු කරනවා. බල්ලා සහ බළලා මනුෂ්‍යයාගේ ආරක්‍ෂකයන් ලෙස සමීපව කටයුතු කරන අතර, ගවයා කෘෂිකර්මාන්තයට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මනුෂ්‍යයන්ට හිතවත් නොවන තවත් බොහෝ සත්ව වර්ග මේ පෘථිවියේ ජීවත් වේ. ඒ අතර උරගයන් ද වේ.

නයා, පොළඟා ඇතුළු දරුණු විෂ ඝෝර සර්පයන් සෑම තැනකම ජීවත්වන අතර, එම විෂ ඝෝර සර්පයන් ද තම ජීවිතය රැකගැනීම උදෙසා මනුෂ්‍ය වාසයෙන් ඈත්ව සැඟවී ජීවත් වේ. මේ විෂ ඝෝර සර්පයන් නොයෙක් ආකාරයෙන් මනුෂ්‍යයන්ට දෂ්ට කරන අතර, වසරකට සැලකිය යුතු මනුෂ්‍ය ජීවිත සංඛ්‍යාවක් බිලිගනී. ඒ වගේම මනුෂ්‍යයන් ද මේ විෂ ඝෝර සර්පයන් දුටු තැනදී බොහෝ විට මරණයට පත් කරති. එලෙස මනුෂ්‍ය වාසයෙන් ඈත්ව ජනශූන්‍ය ප්‍රදේශවල, තුඹස් වල වෙසෙන මේ සර්පයන් සමහර අවස්ථාවලදී ජලය සොයාගෙන, ආහාර සොයාගෙන නිවෙස් අවට සැරි සරති. එයට මනුෂ්‍යයන් තම නිවස වටපිටාව අපිරිසිදුව පවත්වාගැනීම ප්‍රධාන හේතුවක් වේ. නමුත් හොඳින් සුද්ද පවිත්‍රකර ගනිමින් අවට පරිසරයද අලංකාරව තබාගන්නා නිවෙස්වලටද මෙම විෂ ඝෝර සර්පයන් නිතර පැමිණේ නම් එය ඒ තරම් ශුභ දෙයක් නොවේ. ඒ නයා, පොළඟා, මාපිලා, මගමරුවා යන නම් වලින් හැඳින්වෙන බියකරු විෂ ඝෝර සර්පයන් ජීවිතයට අනතුරුදායක බැවිණි. ඔවුන් නිතර නිවෙස් වලට පැමිණීමට හේතුව වශයෙන් පෙනී යන්නේ එම නිවෙස් වල වාස්තු දෝෂයන් පවතින බවය. ඒ බව මා විසින් කලක සිට කරන ලද ගවේෂණ වලදී හෙළිදරව් වී තිබේ. ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු වලදී මා නිවෙස්වල පහත දැක්වෙන වාස්තු දෝෂයන් තිබෙන බව හඳුනාගෙන ඇත. මා එම නිවැසියන්ගෙන් එම නිවසට විෂ ඝෝර සර්පයන්, දරුණු ගණයේ සිව්පාවන් නිතර පැමිණෙනවාද යන්න විමසා සිටියෙමි. 90% කට වඩා එම ලක්‍ෂණ පවතින නිවෙස් වලින් ලැබුණ පිළිතුර වන්නේ “අනේ ඔව්” යන්නයි. අපි පන්සල් වත්ත වගේ මේ ඉඩම තියාගෙන ඉන්නේ. මිදුල බෝමළුව වගේ පෙනෙනවා නේ. ඒත් නිතරම මේ මිදුල අවටට නයි පොළොංඟු පැමිණෙන බවත් ඔවුන් පැවසීය. එසේ නම් අපි බලමු එලෙස නිවෙස් වලට නිතර විෂ සර්පයන් පැමිණීමට තුඩු දෙන හේතු,

නිරිත දිශාවට ගේට්ටුව පැවතීම, නිරිත දිශාවේ ජලය රැඳීම.

නිරිත දිශාව යනු පඨවි ධාතුවට අයත් වන දිශාවක් වන අතර, භූමියක – නිවසක බලවත්ම දිශාව ලෙස වාස්තු විද්‍යාවේදී පෙන්වා දේ. ගෘහ හිමියාගේ දිශාව වශයෙන් හඳුන්වන නිරිත දිශාව නිවසක ඇති ශුභශක්තීන් තැන්පත් කරන දිශාව වේ. ඊශාන, නිරිත දිශා යාකරන විශ්ව ශක්ති රේඛාව ඊශානෙන් පටන්ගෙන නිරිත දිශාවෙන් අවසන් කරයි. නිවසේ ගෘහ හිමියාගේ ධන වාසනාව ඇති කරන දිශාව සේම විවාහය, දරු සම්පත් හෙවත් අනාගත පරපුරක් යාවත්කාලීනවීමට නම් නිරිත බලවත්ව පැවතිය යුතුය. නිරිත දිශාව රාහු ග්‍රහයාගේ දිශාව වේ. රාහු ග්‍රහයාද සියලුම සර්පයන්ට කාරක වේ. යම් කිසි පුද්ගලයෙකුගේ කේන්ද්‍රයේ කාලසර්ප යෝගයක් පැවතීමට හේතුව වන්නේ ද පූර්ව ආත්මවල විශාල ප්‍රමාණයක් සර්පයන් ඝාතනයට ලක් කිරීමය. එම නිසා නිවසට පැමිණෙන ප්‍රවේශය හෙවත් භූමියේ ගේට්ටුව නිරිත දිශාවට දමා ඇති නිවෙස්වල විෂ සහිත සර්පයන්ගේ මෙන්ම විෂ සහිත දරුණු සිව්පාවන්ගේ පැමිණීම ද බලවත් වේ. අනෙක් කරුණ නම් නිරිත දිශාවේ ජලය රැඳීම වාස්තු විද්‍යාවේ කූපය හෙවත් ළිඳ ගැන සඳහන් වේ. නිරිතට ළිඳ පැවතීම ගෘහ හිමියාගේ මරණය වශයෙන් දක්වා තිබේ. ඒ වගේම පංච ධාතු ශක්තිය අනුව පඨවි ධාතුවට අයත් දිශාවක ජලය රැඳවීම පංචභූත ශක්තිය විපරීත වීමට ද හේතුවක් වේ. එම නිසා මෙම නිරිත දිශාව තුළ ළිං, පොකුණු, භූගත ජල ටැංකි පැවතීම නිසා එම නිවසට විෂ ඝෝර සර්පයන්, විෂ සහිත සත්වයන් නිතර නිතර පැමිණීම සිදුවනු ඇත.

භූමියේ මධ්‍ය පහත් වීම,

නිවසේ මධ්‍යය කොටසට අයත් වන්නේ බ්‍රහ්ම පාද කොටසයි. එය නිවසට අයත් කොටසින් 1/4ක් පමණ වූ කොටසකි. භූමියේද එලෙස වේ. භූමියේ මධ්‍ය කොටස හෙවත් ගිනි කතිරය පිහිටන කොටස පහත්ව ඉදි කෙරෙන නිවසක කිසිම දියුණුවක් හෝ නිවැසියන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ළඟා නොකරයි. ඒ වගේම එවැනි භූමිවල පිහිටි නිවාස වලට විෂ සහිත සර්පයන්, විෂ සහිත සතුන් නිතර ළඟා වේ. මෙයට පිළියමක් වශයෙන් ඔබ ඉදිකරන නිවස පිහිටි භූමිය නිවස ඉදිකිරීමට පළමුවෙන් ගොඩකර භූමිය සකසා නිවස ඉදිකිරීම කළ යුතුය.

භූමියේ දිශාවන් දුර්වල වීම

නිවසක් ඉදිකර පවතින භූමියේ ඊශාන දිශාව, නැඟෙනහිර දිශාව අවහිරවීම, දුර්වලවීම නිසා නිවසට ලැබෙන ආලෝකය අහිමි වේ. නැඟෙනහිර දිශාවේ මායිම, බිත්තියට එන ලෙස නිවස ඉදිකිරීමෙන් එම නිවසේ දැඩි අඳුරක් දහවල් කාලයේ පවතී. ඊශාන දිශාව අවහිරවීම නිසා විශ්ව ශක්තිය පැමිණීම දුර්වල වේ. මෙය බලවත් වාස්තු දෝෂයක් වන අතර, නිවසේ අන්ධක දෝෂය හට ගනී. මෙවැනි නිවෙස්වලට විෂ ඝෝර සර්පයන් නිතර පැමිණේ. කුඩා භූමියක වුවද නිවාස ඉදිකිරීමේදී නැඟෙනහිර දිශාවට පොඩි ඉඩක් හෝ තබා නිවස ඉදිකළ යුතුය.

කැණිමඬල වහලය හා තනිඵල වහල පවතින නිවාස

නිවසේ වහලය කැණිමඬලක ආකාරයට හෝ තනිඵලය හැඩයට පැවතීම වාස්තු දෝෂ අතර ප්‍රබල දෝෂයක් වන අතර, එවැනි වහල පැවතීම ප්‍රායෝගිකව ගත් කළ කෘමීන්, මීයන්, ලේනුන් වැනි සතුන් ආකර්ෂණය වීමටත්, එම සතුන්ට වාසස්ථාන බවටත් පත්වනු ඇත. ඒ නිසා මෙවැනි වහල පවතින නිවෙස් වලට විෂ සර්පයන් නිතර ඇදී එනු ඇත. ඒ වගේම අවසාන වශයෙන් නිවසක ගෘහ පොරොන්දම් ගැළපීමේදී

ගෘහයේ නැකත වධ නැකතට බලවත් වීමත්, නිවාස

වර්ගීකරණයේදී එම නිවස මනුෂ්‍ය වාසයට නොගැළපෙන ධූම, කොටලු හෙවත් ශ්වන සුනඛ හා කාකයන ආය වර්ගයට ඇතුළත්වීම නිසාද එවැනි නිවාස වලට විෂ සතුන්, විෂ ඝෝර සර්පයන්ගේ පැමිණීමද සිදුවනු ඇත.

වාස්තු විද්‍යා විශාරද වාස්තු විද්‍යා ශිරෝමනී දේශමාන්‍ය, සාම විනිසුරුඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,සෙන්දිරියාමුල්ල – සඳලංකාව.0777-856649.