නව යොවුන් වියට පා තැබූ ස්ත්‍රී – පුරුෂ සියලු දෙනාගේම පාහේ අපේක්‍ෂාව තමාට ගැළපෙන විවාහයක් සිදුකර ගැනීමය. මෙහිදී ස්ත්‍රියක් නම් තම සහකරු ලෙස තෝරා ගන්නා අයගේ කඩවසම් පෙනුම, උගත්කම, රැකියාව වත්පොහොසත් කම, පවුල් පසුබිම, කුල – මල ආදී කොට ඇති මෙකී නොකී කරුණු කාරණා රැසක් පිළිබඳ සැලකිලිමත…

නව යොවුන් වියට පා තැබූ ස්ත්‍රී – පුරුෂ සියලු දෙනාගේම පාහේ අපේක්‍ෂාව තමාට ගැළපෙන විවාහයක් සිදුකර ගැනීමය. මෙහිදී ස්ත්‍රියක් නම් තම සහකරු ලෙස තෝරා ගන්නා අයගේ කඩවසම් පෙනුම, උගත්කම, රැකියාව වත්පොහොසත් කම, පවුල් පසුබිම, කුල – මල ආදී කොට ඇති මෙකී නොකී කරුණු කාරණා රැසක් පිළිබඳ සැලකිලිමත් වේ. එහෙත් කරුණු සියල්ල පරයා ස්ත්‍රියක් නම් බොහෝ විට මුල්තැන දෙන්නේ තම ස්වාමියාගේ රූප ශෝභාවටය. නැත්නම් වත්පොහොසත්කමටය. ඇය මොහොතකටවත් තම සහකරු ලෙස තෝරා ගන්නා අයගේ සුචරිතවත් භාවය නම් කොහෙත්ම සොයා නොබලයි. මේ කනගාටු දායක තත්ත්වය නිසාම වර්තමාන සමාජයේ අගතියට, තාඩන පීඩනයන්ට මෙන්ම දුකට, පසුතැවීමට පත් යුවතියන් බොහෝය. ඉන් බහුතරයකගේ විවාහයල විවාහවීමටත් පෙර අත්සනට පමණක් ලෙස හෝ විවාහක නම් දික්කසාදයෙන් හෝ කෙළවර වේ. මෙවැනි දේ සිදුවීම පිළිබඳ වගකීම නිසි විමර්ශනයකින් තොරව මීට ආධාර උපකාර කළ දෙමාපිය, වැඩිහිටියන් අනිවාර්ය යෙන්ම භාරගත යුතුය. එහෙත් ඒ වන විට ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවනු බැරිය.

විවාහයේ දී පුරුෂ පාර්ශ්වයද ස්ත්‍රීන්ට නොදෙවෙනිය. ඉතා පටු රාමුවක් තුළ කල්පනාකර නිසි විමර්ශනයකින් තොරව හදිස්සියේ තීන්දු තීරණ ගෙන තම සහකාරිය තෝරා ගනී. එහිදී ද මුල්තැන හිමිවන්නේ රූප ශෝභාවට හා වත්පොහොසත්කම් වලටය. බොහෝ විට කිසිදු වග විභාගයකින් තොරව හිතුමතේ විවාහ සිදුකර ගනී. එහිදී බොහෝ විට නිසි කේන්ද්‍ර පරීක්‍ෂාවක් පවා සිදු නොවේ. විවාහ වනතුරු දෙපාර්ශ්වයට තම සැබෑ ගතිගුණ, චරිත ස්වභාවය ඉතාම සූක්‍ෂම ලෙස ඔවුනොවුන්ට සඟවයි. මෙය ඇතැම්විට එක පාර්ශවයකින් සිදු වේ. මෙයම විවාහ ආසර්ථකවීමේ මූලික අඩිතාලම කීවොත් නිවැරදිය. එහෙත් විවාහය සඳහා අවැසි සියලුම සුදුසුකම් සැපිරූ අයට විවාහ ප්‍රමාදය. එහෙත් පුදුමයට කරුණ නම් ඉහත කී තරම් වූ සුදුසුකම් නොමැති අයගේ විවාහය කෙසේ කවර ලෙසට හෝ සිදුවීත් හමාරය. මෙකී තත්ත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම සාධාරණය. මෙය සිදුවූයේ කෙසේද යන පැනයට ජ්‍යොතිෂ විiාත්මක පිළිතුර වනුයේ තම තමාගේ හඳහනේ පිහිටි ඉක්මන් විවාහ යෝග හා ප්‍රමාද විවාහ යෝගයි. ජ්‍යොතිෂය මැනවින් උගත් දක්‍ෂ ජ්‍යොතිෂ වේදියෙකු හට මෙකී යෝග පිහිටා තිබේද යනවග නිවැරදි ජන්ම පත්‍ර පරීක්‍ෂාවක් තුළින් ඉතා පහසුවෙන් හඳුනාගත හැක. එසේම යම් ජ්‍යොතිෂ දැනුමක් ඇති ඕනෑම අයෙකුට තමන්ගේ කේන්දරයේ මෙවැනි යෝග පිහිටා තිබේද යනවග මෙම ලිපිය මැනවින් අධ්‍යයනයෙන් බොහෝ දුරට සැකහැර දැනගත හැක.

සාමාන්‍යයෙන් විවාහයක් සිදුවීමට පුරුෂයන්ගේ විවාහකාරක සිකුරුත්, ස්ත්‍රීන්ගේ නම් කුජත් බලවත් විය යුතුය. මීට අතිරේකව සඳු ජන්ම පත්‍රයේ 7 වැන්න, 7 වැන්නාධිපති මෙන්ම ලග්නාධිපතිද බලවත් විය යුතුය. එසේම එකී ග්‍රහයන්ට මෙන්ම එම ස්ථානවලට ශුභ දෘෂ්ටි ලැබීමද විවාහයක් සිදුවීමට උපකාරීය. විවාහ ප්‍රමාදය බොහෝ විට සිදුවන්නේ නෛසර්ගික පාපියෙකු වන ශනි ග්‍රහයා නිසාය. එසේම කුජ, රාහු, කේතු වැනි ග්‍රහයන් 7 වැන්නේ වීමද විවාහ ප්‍රමාදයට හේතු වන බව බොහෝදෙනාගේ මතයයි. එහෙත් ජ්‍යොතිෂ විiාත්මකව එය එසේ නොවේ. කෙසේ නමුත් තමන්ගේ ජන්ම පත්‍රයේ තිබෙන්නේ විවාහයට කවර ලෙස බලපාන ග්‍රහ පිහිටීම් ද යන්න කල්තියා දැන ගැනීම තුළ ඊට අදාළ මහ දශා, අන්තර් දශා තුළ නිසි වත්පිළිවෙත් සිදුකර යම් සහනයක් අනිවාර්ය යෙන්ම ලබාගත හැක. බොහෝ ජන්ම පත්‍රවල සඳහන් විවාහ ප්‍රමාද කරණා ග්‍රහ පිහිටීම් රැසකි. ඒ අතුරින් සුලභව දක්නට ලැබෙන ග්‍රහ පිහිටීම් මෙසේය.

ශනි සිකුරු සංයෝගය හෝ දෘෂ්ටිය

ශනි චන්ද්‍ර සංයෝගය හෝ දෘෂ්ටිය

ශනි ගුරු සංයෝගය හෝ දෘෂ්ටිය

7 අධිපති සමග ශනි සංයෝගවීම හෝ 7 අධිපතිය ශනි දෘෂ්ටි දීම.

ශනි 7 වැන්නේ සිටීම හෝ 7 වැන්නට දෘෂ්ටි දීම.

ගුරු 7 වැන්නේ සිටීම හෝ 7 වැන්නට දෘෂ්ටි දීම.

ශනිගෙන් 2 වැන්නේ හෝ 12 වැන්නේ සිකුරු වීම.

සිකුරු ශනිගේ රාශියක වීම.

සිකුරු හෝ චන්ද්‍රයා හෝ 7 වැන්නාධිපති හෝ නීචය භංග නොවන ලෙස නීච වීම.

චන්ද්‍ර ලග්නයෙන් කේන්ද්‍රගතව (1,4,7,10) හෝ චන්ද්‍ර ලග්නයෙන් 11 වැන්නේ ශනි පිහිටීම.

ලබන සතියට

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්දදු. අංකය 071-9282653