මේෂ ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකී බවක් ගෙන දෙයි. ආගමික උත්සව සහ ප්‍රීති සාද වැනි දේවල් වලට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. තරමක් විනෝද ජනක ක්‍රියාකාරකම් ද යෙදේ. හදිසි ධන ලාභ ලේ සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතු වේ. ශුභ වර්ණය – රතු ජය අංකය – 01 වෘෂභ ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒ…
මේෂ
ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකී බවක් ගෙන දෙයි. ආගමික උත්සව සහ ප්‍රීති සාද වැනි දේවල් වලට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. තරමක් විනෝද ජනක ක්‍රියාකාරකම් ද යෙදේ. හදිසි ධන ලාභ ලේ සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතු වේ. ශුභ වර්ණය – රතු ජය අංකය – 01
වෘෂභ
ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවාස උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා ද යෙදේ. භූමි ලාභ සම්පත් ගෙන දෙයි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ ජය අංකය – 07
මිථුන
ගමන් බිමන් බහලු වෙයි. උත්සව සාද යෙදේ. පමණට වඩා වැය පසද ඉහළ යයි. නවක මිතුදම් ඇති වෙයි. විනෝද ජනක ගමන් බිමන් යෙදෙන අතර දහමට ලැදිව ක්‍රියා කරයි. හදිසි ධන ලාභ දෙයි. සන්ධි රෝග ඉදිමුම් රෝග මතු වේ. ශුභ වර්ණය -කොළ ජය අංකය – 06
කටක
සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වේ. සතුරන් දමනය කර ඉදිරියට යාමේ ශක්තිය ඇති වෙයි. වන්දනා ගමන් විනෝද ගමන් ආදියද යෙදේ. තරමක් වැය පස ඉහළ යයි. හදිසි ධන ලාභ දේ. සිරසගත රෝග, පාද ආබාධ මතු වේ. ශුභ වර්ණය – රෝස ජය අංකය – 04
සිංහ
ශුභා ශුභ මිශ්‍ර ඵල උදා කරයි. ගමන් බිමන් ද තරමක් අධික වෙයි. කාලය සීමා වන අතර තරමක් අතපසුවීම් වලට හේතුයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික උත්සව වල යෙදේ. සෙම් කෝප රෝග මතු වීමට ඉඩ තිබේ. ශුභ වර්ණය – තැඹිලි ජය අංකය – 02
කන්‍යා
ක්‍රියාශීලීව කටයුතු වල යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත් යොමු කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒක රාශීව දහමට අවතීර්ණ වෙයි. විනෝද ජනක කටයුතු වලද යෙදේ. වාත රෝග මතු කරන දිනකි. ශුභ වර්ණය – සුදු ජය අංකය – 06
තුලා
ශුභා ශුභ මිශ්‍ර ඵල වල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව දහමට ලැදිව ක්‍රියා කරයි. දාන මානාදී පුන්‍යකර්ම වල යෙදේ. විනෝද ජනක ක්‍රියාවන්ද දියත් කිරීමට හේතුයි. දන්ත රෝග නේත්‍ර රෝග මතු වෙයි. ශුභ වර්ණය – ක්‍රීම් ජය අංකය – 08
වෘශ්චික
ශුභා ශුභ ඵල දෙයි. තම නිවාස තරමක් උත්සව ස්වරූපයක් ගනී. ඥාති මිත්‍රාදීන් ඒකරාශී වන අතර දුරස්ථ වූ ඥාතීන් ද සමීප වෙයි. දහමට අවතීර්ණව ක්‍රියා කරන දිනකි. වාතාධික රෝග ඉස්මතු වෙයි. ශුභ වර්ණය – ලා රතු ජය අංකය – 09
ධනු
වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවල්ට යෙදෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික වතාවත් පුද පූජාවල නිරත වෙයි. බලාපොරොත්තු රහිත ලෙස වැය පසඉහළ යයි. ස්නායු රෝග ඉදිමුම් රෝග මතු වේ. ශුභ වර්ණය – ලා රෝස ජය අංකය – 03
මකර
දාන ශීලාදී ක්‍රියාවන් වල යෙදෙන තරමක් තැන්පත් ලෙස ද ක්‍රියා කරන දිනකි. පොදු සේවා සමාජ සත් කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ස්නායු රෝග ඉදිමුම් රෝග මතු වේ. ශුභ වර්ණය – නිල් ජය අංකය – 02
කුම්භ
ආගමික උත්සව සංවිධානයට එවැනි දේවලට සහභාගී වීමට හේතුයි. තරමක් වැය පසද ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ. පරිත්‍යාග ශීලී දිනකි. මුත්‍රා ආසාදන අර්ශස් රෝග මතුවන දිනකි. ශුභ වර්ණය – දම් ජය අංකය – 07
මීන
තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරන අතර තම නිවස උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. ආගමික පුද පූජා වතාවත් මුල් කර ක්‍රියා කරන දිනකි. අමතර ලාභ දෙයි. වාතාධික රෝග උෂ්ණ රෝග මතු වෙයි. ශුභ වර්ණය – ළා කොළ ජය අංකය – 05

