අද :- 10.34 සිට 12.04 දක්වාහෙට :- 09.04 සිට 10.34 දක්වා මේෂ ක්‍රියාශීලි දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම්ද යෙදේ. උත්සව සාද යෙදේ. ඒවායේ මුල්තැන ගෙන ක්‍රියාකරයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළයයි. හදිසි ලාභ ලබයි. සෙම්කෝප රෝග මතුවේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05 වෘෂභ ක්‍රියාශ…

අද :- 10.34 සිට 12.04 දක්වාහෙට :- 09.04 සිට 10.34 දක්වා

මේෂ

ක්‍රියාශීලි දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම්ද යෙදේ. උත්සව සාද යෙදේ. ඒවායේ මුල්තැන ගෙන ක්‍රියාකරයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළයයි. හදිසි ලාභ ලබයි. සෙම්කෝප රෝග මතුවේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05

වෘෂභ

ක්‍රියාශීලි දිනකි. අවිවේකී දිනක් වෙයි. වන්දනා ගමන් ආගමික උත්සව වැනිදේ සංවිධානයට හේතුයි. විනෝද ජනක ක්‍රියාද යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. භූමිලාභ සම්පත් මතු කරයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 02

මිථුන

ශුභාශුභ මිශ්‍රඵල දේ. ගමන් බිමන් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. උත්සව සාද යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ගෙනදේ. මුත්‍රා දෝෂ, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 03

කටක

වගකීම් බහුල දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් යෙදේ. ආගමික පුද පූජා උත්සව වැනි දේවල් යෙදේ. ප්‍රීති උත්සවද යෙදේ. වැය පස ඉහළ යයි. හදිසි ලාභද ලබයි. ආමාශ ගත රෝග, උෂ්ණ රෝග මතුවෙයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 04

සිංහ

දුර ගමන් වන්දනා ගමන් වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ආගමික වතාවත්වලද යෙදෙන අතර, නිදහස් මනසින් ක්‍රියාකරයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ශිරෝ රෝග මතු කරන දිනකි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

කන්‍යා

ක්‍රියාකාරකම් බහුල දිනකි. දහමට ළැදිව ක්‍රියාකරයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියා, ආගමික වතාවත් ආදියෙහි යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීපවෙයි. තම අරමුණු ජයගනී. සෙම් කෝප රෝග මතු කරන දිනකි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 06

තුලා

දාන ශීලාදි ක්‍රියාවන්හි යෙදේ. සහනදායි සිතුවිලි මත ක්‍රියාකරයි. ආගමික උත්සව සංවිධානයට හෝ එවැනි දේවලට සහභාගිවීමට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. වැයපස ඉහළ යයි. බඩවැල් ආශ්‍රිත රෝග, මූල රෝග මතුවේ. ශුභ වර්ණය – ළා නිල්, ජය අංකය – 08

වෘශ්චික

සුපරුදු ක්‍රියාකාරකම්වලට අමතරව දහමට ළැදිව ක්‍රියාකරයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමු වෙයි. දුරගමන්, වන්දනා ගමන්ද යෙදෙන අතර පොදු සේවා, උත්සවද යෙදේ. වාතාධික රෝග මතුකරයි. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 03

ධනු

රාජකාරි බහුලයි. පැවති බාධා ඉවත් වෙයි. තම අරමුණුවලට බාධා කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල්ද යෙදෙන අතර, නවක මිතුදම් වර්ධනය වෙයි. දුර ගමන් බිමන්ද යෙදේ. සෙම් ආසදන රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 01

මකර

ක්‍රියාකාරී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතුවීමෙන් සිත් චංචල වෙයි. ප්‍රේම සබඳතා ඇති වෙයි. යටපත්ව තිබූ බැඳීම් ඉස්මතු වෙයි. හදිසි ධන සම්පත් ලාභ ලබයි. කොන්දේ අමාරු ඇති කරයි. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 06

කුම්භ

ගමන් බිමන් බහුලවෙයි. රැකියා ස්ථානවල පැවැති ගැටලු නිරාකරණය වෙයි. තම ව්‍යාපාරවල දියුණුව මතුකරයි. ප්‍රීතිසාදවලට සහභාගිවීමේ අවස්ථා මතු කරයි. වැය ඉහළයි. මුත්‍රා ආසාදන මතුකරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 09

මීන

අවිවේකී දිනකි. රාජකාරි බහුලයි. ගමන් බිමන්ද යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්වල යෙදෙන අතර දහමටද අවතීර්ණව ක්‍රියාකරයි. සිත් චංචල කරවන ක්‍රියාද යෙදෙන හදිසි ලාභ ලබන දිනකි. අම්ල පිත්ත රෝග, බඩවැල් රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 07