ජ්‍යොතිෂයේදී ජන්ම පත්‍රයක කේන්ද්‍ර ස්ථාන සතර හෙවත්, විෂ්ණු ස්ථාන වන 1, 4, 7, 10 යන ස්ථාන පදනම්කර ගනිමින් ත්‍රිකෝණ සතරක් නිර්මාණය වේ. එලෙස කේන්ද්‍රයක ත්‍රිකෝණයක් නිර්මාණය වනුයේ රාශින් 3 ක් එක්වීමෙනි. එලෙස නිර්මාණය වන ත්‍රිකෝණ නම් ධර්ම ත්‍රිකෝණය, මෝක්ෂ ත්‍රිකෝණය, කාම ත්‍රිකෝණය හා…
ජ්‍යොතිෂයේදී ජන්ම පත්‍රයක කේන්ද්‍ර ස්ථාන සතර හෙවත්, විෂ්ණු ස්ථාන වන 1, 4, 7, 10 යන ස්ථාන පදනම්කර ගනිමින් ත්‍රිකෝණ සතරක් නිර්මාණය වේ. එලෙස කේන්ද්‍රයක ත්‍රිකෝණයක් නිර්මාණය වනුයේ රාශින් 3 ක් එක්වීමෙනි. එලෙස නිර්මාණය වන ත්‍රිකෝණ නම් ධර්ම ත්‍රිකෝණය, මෝක්ෂ ත්‍රිකෝණය, කාම ත්‍රිකෝණය හා අර්ථ ත්‍රිකෝණයයි.
ධර්ම ත්‍රිකෝණය යනු කේන්ද්‍රයක ලග්නය මුල් කොටගෙන යෙදෙන ත්‍රිකෝණයයි. මෙම ත්‍රිකෝණය නිර්මාණයේදී කේන්ද්‍රයක ලග්නයත්, 5 වැන්න වන බී ස්ථානයත්, 9 වැන්න වන භාග්‍ය ස්ථානයත් දායක වේ. මෙම ත්‍රිකෝණයෙන් යමෙකුගේ චරිතය, හැඩරුව, අධ්‍යාපනය, දරුඵල, පින්දහම් ආදී කොට ඇති ආගමික භක්තිය ආදිය පිළිබිඹු වේ. ධර්ම ත්‍රිකෝණයේ බල දුබලතාවය තුළින් පුද්ගලයාගේ ප්‍රබලත්වය හෝ දුබලත්වය හඳුනාගත හැක. මෙය තවදුරටත් විග්‍රහ කිරීමේදී මෙසේය. ලග්නය පුද්ගලයෙකුගේ පෞරුෂයත් පැවැත්මත් විදහාපායි. ත්‍රිකෝණ ස්ථානයේ වන 5 වැන්නෙන් කුසලතා ප්‍රවර්ධනය තුළින් ගොඩනගා ගන්නා ප්‍රතිභාව හෙවත් ධී ශක්තිය නිරූපණය කරයි. මෙම ස්ථානය පූර්ව පුණ්‍ය ස්ථානය බැවින්, ඊට අදාළ දේද නියෝජනය වනුයේ මෙම ස්ථානය තුළිනි. පුණ්‍ය ස්ථානය හෙවත් 9 වැන්නෙන් යම් පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මයත්, ඒ තුළින් ප්‍රකට වන උදාරතර චරිත ලක්ෂණයත් විදහාපායි. තවද ලග්නයෙන් පුද්ගලයෙකුගේ වර්තමාන කාලය නියෝජනය වන අතර, 5 වැන්නෙන් අනාගතය නියෝජනය වේ. එසේම 9 වැන්නෙන් පියා සම්බන්ධවත් ත්‍රි කාලයෙන් අතීතය සම්බන්ධවත් කියාපායි. එනම් උක්ත ධර්ම ත්‍රිකෝණය මගින් අතීතයත්, වර්තමානයත්, අනාගතයත් මැනවින් යා කරයි. මෙලෙස ත්‍රිකෝණ නිර්මාණයේදී දායක වන කේන්ද්‍රස්ථානවලට හිමිවන බලය සේම බලයක් ත්‍රිකෝණ ස්ථාන වලටද හිමි බව දනිමු.
මෝක්ෂ ත්‍රිකෝණය යනු කේන්ද්‍රයක හතර වැන්න මුල්කර ගෙන යෙදෙන ත්‍රිකෝණයයි. මෙම ත්‍රිකෝණය සඳහා සුඛ ස්ථානය වන 4 වැන්නත්, මෘත්‍ය ස්ථානය වන 8 වැන්නත්, වැය ස්ථානය හෙවත් මෝක්ෂ ස්ථානය වන 12 වැන්නත් දායක වේ. මෙම ත්‍රිකෝණය තුළින් මව්පිය උරුමයෙන් ලද හැකි දේත්, විවාහයෙන් ලැබෙන දායාද සම්බන්ධවත්, වියදම සම්බන්ධවත් හෙළිදරව් වේ. එසේම මෙම ත්‍රිකෝණයට 4 වැන්නේ දායකත්වයෙන් මෙලොව ලබන සැපතත්, එනම් නිවාස, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන ආදියත්, 8 වැන්නේ දායකත්වයෙන් මරණය සම්බන්ධවත් 12 වැන්නේ දායකත්වයෙන් පුද්ගලයා සතුව තිබූ උදාරතර ගුණාංග හේතුවෙන් මරණින් මතු මෝක්ෂයට පත්වීම හෙවත් සුගතිගාමී වීමත් පෙන්නුම් කරයි. එයින් ගම්‍ය වන්නේ කේන්ද්‍රයක 4 වැන්න ලෞකික ජීවිතයට බලපාන බවත්, 12 වැන්න ලෝකෝත්තර ජීවිතයට හෙවත් ආත්ම විමුක්තියට බලපාන බවත්ය.
ජන්ම පත්‍රයක 7 වැන්න මුල් කොටගෙන යෙදෙන ත්‍රිකෝණය කාම ත්‍රිකෝණයයි. කාම ත්‍රිකෝණය සඳහා 7 වැන්න වන කලත්‍ර ස්ථානයත්, 3 වැන්න වන සහජ ස්ථානයත්, 11 වැන්න වන ලාභ ස්ථානයත් සම්බන්ධ වේ. මෙහිදී පුද්ගලයෙකුගේ සහෝදර සහෝදරියන් පිළිබඳවත්, වික්‍රමාන්විත බව පිළිබඳවත්, විවාහය හා හවුල් ව්‍යාපාර සම්බන්ධවත්, ධනය ලද හැකි මාර්ග පිළිබඳවත් විග්‍රහවේ. මෙහිදී 7 වැන්න තුළින් නිරූපණය වන කාමය හා රාගය 8 වැන්න තුළින් සහජයෙන්ම ගෙනා සරාගික සිතුවිලි වලින් පෝෂණය වේ. එසේම 11 වැන්න හෙවත් ලාභ ස්ථානයෙන් උක්ත අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම නිරූපණය වේ.
අර්ථ ත්‍රිකෝණය යනු කේන්ද්‍රයක දස වැන්න මුල්කරගෙන යෙදෙන ත්‍රිකෝණයයි. මෙම ත්‍රිකෝණය සඳහා දහ වැන්න හෙවත් කර්මස්ථානය, මුදුනස්ථානයත් දෙවැන්න හෙවත් කුටුම්භ ස්ථානයත් 6 වැන්න හෙවත් ශක්‍ර ස්ථානයත් දායකවේ. මෙම ත්‍රිකෝණයෙන් ධනය, රැකියාව, රෝග පීඩා හා සතුරු මිතුරු බවද සුඛෝපභෝගී සුවපහසු බවද නිරූපණය වේ.
මෙහිදී දසවැන්නෙන් බලය, කීර්තිය, පිළිබිඹු වන අතර, ඒ සඳහා අවැසි ධනය දෙවැන්නෙන් ලබාදේ. එම බලයත්, ධනයත් කරණ කොට ඇතිවන සතුරන් මැඬලීමේ ශක්තිය හෙවත් ප්‍රතිවාදීන් මර්ධනය කිරීමේ හැකියාව 6 වැන්න හෙවත් ශක්‍ර ස්ථානයෙන් පිළිබිඹු වේ.
උක්ත ත්‍රිකෝණ සතර විමර්ශනය තුළින් පලාපල පැවසීමේදී ඒ ඒ ත්‍රිකෝණයෙන් නිර්මාණයට දායක වූ රාශි ගැනත්, භාව ගැනත් සැලකිලිමත් විය යුතුය. එපමණක් නොව එම රාශිවල තැන්පත් ග්‍රහයන්ගේ රාශිගත බලයත්, භාවගත බලයත් මැනවින් විමර්ශනය කළ යුතුය. එහිදී එම රාශිවල යම් ග්‍රහ සංයෝග, ග්‍රහයෝග ආදිය වේ නම් ඒ පිළිබඳවත්, එම ස්ථානයන්ට වැටෙන ශුභ අශුභ දෘෂ්ටි සම්බන්ධවත් සැලකිලිමත් විය යුතුය. තවද ත්‍රිකෝණයක් නිර්මාණයට දායක රාශින්ගේ පඨවි, වායෝ, තේජෝ ආදී කොට ඇති පංච මහා භූතයන් සම්බන්ධවත් අවධානය යොමු කළ යුතුය. ඉහත සඳහන් ලෙසට මෙම ත්‍රිකෝණ සම්බන්ධව තුලනාත්මක විමර්ශනයේදී ත්‍රිකෝණ සෑම අතින්ම බලවත් වේ නම් ශුභඵල උපරිම වශයෙන් ලබාදෙන අතර, උක්ත ත්‍රිකෝණ පාප පීඩිතව පාප කරන නීව හෙවත් පාප සංයෝගව සිටි කල දුබලවේ. ඒ කර්ණ කොට අහිතකර බලපෑම් අශුභ ඵල ජන්මියාට උරුම වේ. නොඑසේ නම් සාමාන්‍ය ශුභඵල ගෙන දේ. මෙහිදී ත්‍රිකෝණ තුළින් ගෙනදෙන ශුභ – අශුභ හෝ මධ්‍යස්ථ ඵල තීරණය වනුයේ ඉහත සඳහන් කරුණු කාරණා මතය. එනිසා සෑමවිටම පලාපල පැවසීමට ප්‍රථම නිවැරදි ජන්ම පත්‍රය පිළියෙල කරගත යුතුය. ඒ සඳහා නිවැරදි උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය අවශ්‍ය වේ. එසේ නොමැතිව රැගෙන එන ජන්ම පත්‍රයට කිසිදු නිවැරදි තාවක් බැලීමකින් තොරව පලාපල නොපවසන්න. කෙසේ නමුත් නිවැරදි සුපරීක්ෂාකාරී විමර්ශනය තුලනාත්මකව පලාපල ගොනුකර ගැනීමට ඉතාම වැදගත්ය. එලෙස පලාපල පවසන කල උතුම් ජ්‍යොතිශයත් ජ්‍යොතිශවේදියාත් සුරැකේ.
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්දදු. අංකය 071-9282653

