ලොව දුර්ලභම මිල අධිකම මැණික් වලින් හතරවන තැන ලංකාවෙන් ලැබෙන දුර්ලභ මැණික් වෙන ක්‍රමවලින් රට යවනවා අපි ජීවත්වන්නේ මහා ධන නිධානයක් උඩ යැයි නිතර කියන කතාවකි. නමුත් ඒ මහා ධන නිධානයේ අංශුමාත්‍රයකවත් ගොඩ දමා ගත හැකි අයෙක් වේ නම් ඔහු වාසනාවන්තයෙකි. ඔහු නිතැතින්ම උපන් භූමියේ උරුමකරුවෙකි…
ලොව දුර්ලභම මිල අධිකම මැණික් වලින් හතරවන තැන
ලංකාවෙන් ලැබෙන දුර්ලභ මැණික් වෙන ක්‍රමවලින් රට යවනවා
අපි ජීවත්වන්නේ මහා ධන නිධානයක් උඩ යැයි නිතර කියන කතාවකි. නමුත් ඒ මහා ධන නිධානයේ අංශුමාත්‍රයකවත් ගොඩ දමා ගත හැකි අයෙක් වේ නම් ඔහු වාසනාවන්තයෙකි. ඔහු නිතැතින්ම උපන් භූමියේ උරුමකරුවෙකි. අප මේ කියන්නට යන්නේ ද ඒ මහා ධන නිධානයෙන් අංශුවක් තරමේ කොටසක් ගොඩදාගත් ශ්‍රී ලාංකිකයක තරුණයෙකු පිළිබඳවයි. හේ දුර්ලභ මැණික් ගවේෂකයකු වන සම්පත් ගජනාථ ය.
දුර්ලභ මැණික් පිළිබඳව ඔහු ලද හසල දැනුමෙන් නියම ඵල දැන් සම්පත් ගජනාථ නම් ඔහු නෙළාගෙන තිබේ. අපට අහම්බෙන් මෙන් මුණගැසුණු මේ දුර්ලභ මැණික් ගවේෂකයා කියන්නේ ලොව මිල අධිකම හා දුර්ලභම මැණික් වර්ග වලින් සියයට 95ක්ම අප මාතෘ භුමියෙන් සොයාගත හැකි බවයි. ඒ අතරිනුත් ලෝකයේ දුර්ලභ මැණික් කාණ්ඩයේ හතරවන ස්ථානයේ පවතින ‘ගැන්ඩිඩියරයිට්’ නම් ක්‍රාත් 3.42 මැණිකක් ඔහු සතු වේ බව දැනගැනීමට ලැබිණි. අප ඔහු සොයා ගියෙමු. ඔහු කියන කතාව මීයට පිම්බාක් මෙන් අපි අසා සිටියෙමු. පෘතුවියේ උපත, පාෂාණ නිර්මාණය, විපරීත පාෂාණ මගින් මැණික් නිර්මාණය වීම, පස නිර්මාණය වීම හා ගැඹුරු විශ්විය ගුරුත්ව කේන්ද්‍රයන් හා ලංකාවේ අප මහ පොළොවේ අප නොඇසූ අතිශය සංකීර්ණ ස්වාභාවික සංසිද්ධි ඔහු පැවසුවේ අප පුදුම කරවමිනි.
“අතිශය දුර්ලභ මෙන්ම වටිනාකමකින් යුත් මේ මැණික මට හමුවන්නේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිය හිතවතකු මාර්ගයෙන්.” ඔහු අපේ කතාවට ආරම්භයක් දුන්නේ එසේය.
සම්පත් ගජනාථ
මෙරට පවතින ඛනිජ සම්පත් අතරින් සැබවින්ම එය අංශුවක් තරම් කුඩා වුවත් එහි වටිනාකම නම් මහා මෙරකටත් වැඩිය. සම්පත් ගජනායක සතු ගැන්ඩිඩිරයිට් මැණික ඊටත් වඩා වටිනාකමක් ඇත්තේ ලෝකයේ රටවල් එකසිය අනූපහක් තිබුණත් උසස් තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුතු විශ්වයේ ගැඹුරු ගුරුත්වාකර්ෂණ උරුම කරගත් ආකර්ෂණ ශක්තියේ උපරිම තලයේ ඇති මෙවැනි මැණිකක් මෙතෙක් ලෝකයෙන්ම හමුව ඇත්තේ ඉතා සීමිත වූ රටවල් කිහිපයක පමණි. ඒ අතරින් ශ්‍රී ලංකාව හා මැඩගස්කරය ඉහළින්ම සිටි.
ඊට අමතරව කුඩා ප්‍රමාණයේ ගැන්ඩිඩියරයිට් මැණික් ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, මලාවි, සිම්බාබ්වේ, ජර්මනිය, වැනි රටවලින් හමුව තිබේ. නමුත් මෙතෙක් ගුණාත්මක බවින් මෙන්ම ඉහළ වටිනාකමින් යුත් ගැන්ඩිඩියරයිට් හමුව ඇත්තේ ශ්‍රී ලංකාවෙන් සහ මැඩගස්කරයෙන් පමණි.එයත් ඉතාමත් සුළු වශයෙනි.
ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ මෙතෙක් එවැනි මැණිකක් හමුව ඇති බවට නිල වශයෙන් වාර්තා වන්නේ එක් වරක් පමණකි. ඒ මීට වසර 27කට පෙර එනම් 1999 වර්ෂයේදීය. එම මැණිකත් හමුවන්නේ ඔක්කම්පිටිය ප්‍රදේශයෙනි.
මුල්ම මැණික ඇමෙරිකාවට
කැරට් 0.29 ක ගලක් වූ එම මැණික ඇමෙරිකාව විසින් මිලට ගෙන තිබෙන්නේ ඩොලර් 5000කටය. එයින්ම මේ මැණිකේ ඇති වටිනාකම අවබෝධ කොටගතත හැකිය. මෙම දුර්ලභ වූ මැණික ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, නළු නිළියන් ඇතුළු එකී නොකී සියලු ප්‍රසිද්ධ පුද්ගලයන් සතු බව විදෙස් වාර්තා වලින් සනාථ වේ. ලෝකයේ ප්‍රසිද්ධ වෙන්දේසි වල මෙම දුර්ලභ මැණික පසුපස අතිශය ප්‍රසිද්ධ පිරිස් හඹායන්නේ විශ්වයේ දුර්ලභ වූ ආකර්ෂණ ශක්තිය එය සතු නිසාවෙනි…
ඊට අමතරව මැණික් හා ස්වර්ණාභරණණ අධිකාරියේ නිල වශයෙන් සටහන් නොවුණද ගැන්ඩිඩියරයිට් යැයි සැක කළ හැකි කුඩා ප්‍රමාණයේ ගල් කිහිපයක් අපනයනය කොට ඇති බව වාර්තා වේ.
වර්තමාන අප කතා නායකයා වන ගැන්ඩිඩියරයිට් මැණිකෙහි හිමිකරුවා වන සම්පත් ගජනාථ රත්න විද්‍යාව පිළිබඳ හසල දැනුම ඇත්තෙකි. එමෙන්ම මෙරට පවතින දුර්ලභ මැණික් පිළිබඳ පමණක් නොව ලොව පුරාම ඇති මැණික් වර්ග පිළිබඳව මෙන්ම එහි උපත පිළිබඳවද මනා ලෙස හදාරා ඇත්තෙකි. සාගර හා ගැඹුරු වූ මුහුදු පතුලේ නිර්මාණය වන දුර්ලභ දෑ ගැන ඔහු හොඳින් දනී.
වෙනත් වර්ගයක මැණිකක් යැයි සඳහන් කරමින් ඔහු අතට ලැබුණු එම මැණික ගැන්ඩිඩියරයිට් මැණිකක් බව ඔහු මුලින්ම අවබෝධ කොට ගන්නේ තමන් සතු දැනුම හේතුවෙනි.
පසුගිය දිනෙක අපට හමුවූ මේ මැණික් විශේෂඥයා තමන්ට හමුව ඇති මේ අතිශය දුර්ලභ මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් වස්තුව පිළිබඳ මේ අපූරු කතාබහ ආරම්භ විය. මේ විශිෂ්ට වූ දැනුමක් ඇති මැණික් ගවේෂකයා සිය වචන සිය අදහස් ලෙස අප ඉදිරියේ යළි පෙරළන්නට විය.
“මේ ගල මගේ අතට ආවේ මෙහෙමයි. මගේ හිතවත් මල්ලි කෙනෙක් ඉන්නවා තිළිණ කියලා. එයත් මමත් අපි දෙන්නම පතල් වලින් ගොඩ දාන ගල් සල්ලි දීලා මිලදී ගන්නවා. පතල්වලට යනවා. එයා කිව්වා සම්පත් අයියේ ගලක් තියෙනවා බලමු කියලා. මම ටෝච් එක ගහලා බැලුවා. අත්දැකීම් කියන්නේ අපේ දැනුම හරහා ගිය උපාධිය නේ..
මගේ ඉතිහාසයේ මම කවදාවත් ගැන්ඩිඩියරයිට් ගලක් අල්ලලා තිබුණේ නැහැ. නමුත් මම පිනකයිට් හා රෙඩ් බෙරිල් අධ්‍යනයේදී ඇමරිකාවේ උටා නම් ප්‍රදේශයෙන් හමුවූ ඛණිජ පිළිබඳ දැන සිටියා. ඒ වගේම ලංකාවේ ඔක්කම්පිටිය ප්‍රදේශයෙන් හමු වූ දුර්ලභ ගැන්ඩිඩියරයිට් ගලක් ගැන අධ්‍යයනය කර තිබුණා වගේම අහලා තිබුණා. වසර 1902 කාලසීමාවේ ප්‍රංශයේ ගවේෂකයෙකු වන ඇල්ෆර්ට් ගැන්ඩිඩියර් නම් පර්යේෂකයාට මෙම පාෂාණය මැඩගස්කරයෙන් ලැබිලා තියෙන්නේ.
ඒක තමයි අපේ පෘථිවියෙන් සොයාගත් ප්‍රථම ගැන්ඩිඩිරයිට් මැණික.
ඉන් පසු ලෝකයේ සියලුම මැණික් වලින් හොඳම මැණික් හමුවන අපගේ ශ්‍රී ලංකාවේ ඔක්කම්පිටිය ප්‍රදේශයෙන් 1999 වසරේ දි දෙවනගැන්ඩිඩයරයිට් මැණික කැරට් 0.29 ගලක් හමු වෙලා තියනවා. ඒ පිළිබද ලෝකය පුරා සඟරාවල සහ සියලු ආයතන ප්‍රකාශයට පත් කරලත් තියනවා. ශ්‍රී ලංකාවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පර්යේෂණ ඉදිරිපත් කරලා තියනවා ඉස්සර වාර්තා වල. ඉතිං
මැණිකේ වත ගොත
කොළඹ රත්න විද්‍යා ආයතනයේ සහතිකය
බොරො සිලිකේට් තුළ නිසෝ සිලිකේට් නම් ඛණිජය මගින් මේ ගැන්ඩිඩියරයිට් නිර්මාණය වෙනවා. මෙහි දෘඪතාව 7.5 ක්. මෙහි පරාවර්ථක දර්ශක අගය 1.583-1.639ක්. මෙහි විශේෂ කරුණ තමයි අවශෝෂණ වර්ණාවලිය නැනොමීටර් 479 ලෙස සඳහන් වෙන එකම මැණික මා දන්නා තරමින් මෙය පමණයි. නිල් පැහැයට ෆෙරස් රසායනික අයනයද කොළ පැහැයට ක්‍රොමියම් කියන රසායනයද බලපානවා.
ඨෂ් හෙවත් ජෙමියොලොජිකල් ඉන්ස්ටිටියුට් ඔෆ් ඇමරිකා නම් ලෝකයේ හොඳම පර්යේෂණ ආයතනය නිවේදනය කළා මෙම අති දුර්ලභ වූ ගැන්ඩිඩිරයිට් නම් අද්විතිය මැණික ලෝකයේ හතර වන අතිශයින්ම සුරැකිය යුතු දුර්ලභ මිල අධික මැණික ලෙස. එයාලා දුන්නු වටිනකම නිසාත් මෙහි දුර්ලභ භාවය නිසාත් ලෝකයේ සුප්‍රසිද්ධ ගවේෂකයන්/ බිලියන පතියන්/දැවැන්ත දේපළ උරුමක්කරුවන්/ සුප්‍රසිද්ධ ගායකයන් නළු නිළියන් හා ව්‍යාපාරිකයන් තමන් සතු කර ගැනීමට උපරිම ලෙස ජාත්‍යන්තර වෙන්දෙසි වල මිල ඉල්ලනු ලබනවා.
ඕන මැණික්කාරයෙකුට මේ ගල දුන්නාම ඒගොල්ලෝ හිතන්නේ සෙරෙන්ඩිබයිට් එකක් කියලා. සෙරෙන්ඩිබයිට් කියන්නෙත් අති දුර්ලභ මැණිකක් අපේ පොළොවෙන් ලැබෙන. කාටවත් හිතන්න බෑ මේක කුමන වර්ගයද කියලා. මැණික් එක්ක මොනතරම් එකට ඉන්න කෙනෙකුට වුණත් සමහර ගල් දැකපු ගමන් එක පාරට කියන්න බැහැ මේ මොකක්ද කියලා. සමහරවිට ඕගොල්ලෝ වුණත් කළු පාට ගලක් දැක්කොතින් කළු ගලක් කියල විසි කරන්න පුළුවන්. ඒ විසි කරන්නේ සෙරන්ඩිබයිට් ගලක් වුණොත්. ඒක තමයි වාසනාව. අර කතාවකුත් තියෙන්නේ මැණික් ගලේ පය ඇහුනත් කනා ඇහිඳලා ගනියිද කියලා. ඒ වගේ තමයි කොයිදේටත් වාසනාවත් තියෙන්න ඕනි. ඊට පස්සේ තමයි ඨෂක් රුචදරඑ එක ගන්න දාන්නේ. එහෙම තමයි මේ ගල මගේ අතට එන්නේ.
වාසනාව කැරකෙන හැටි
මැණික් බිස්නස් එක රඳා පවතින්නේ විශ්වාසය සහ වාසනාව මත. සමහරක් වෙලාවට කෝටි ගාණක් වටින මැණිකක් වෙනත් වර්ගයක මැණිකක් කියලා අඩු ගානකට විකිණෙන්න පුළුවන්. මේ බිස්නස් එකේදි කවුරුත් පරිපූර්ණ නැහැ. මැණික් විද්‍යාවේ කවුරුත් ඉහළටම ගිහිල්ලා නැහැ. ලෝකයේ ඛනිජ වර්ග 5500කට වඩා තියෙනවා. එයින් තවමත් සොයාගෙන තහවුරු කරගෙන තියෙන්නේ 3500කට ආසන්න සංඛ්‍යාවක් විතරයි හරියටම. සමහර ඒවා තාමත් පර්යේෂණ මට්ටමේ. හොඳම උදාහරණයක් කියන්නම්කො. පත්තකඩේ, හැරණියාවක, රත්නපුර අඹ ගහයට/ඇලහැර වගේ මැණික් පොළවල්වල විකිණෙන ගානට් කියන ගල් වර්ගය ගත්තොතින් ඒකේ ගල් විශේෂ 25ක් තියෙනවා. හෙසොනයිට්, රොඩලයට්, මොසැම්බික්, මලයා, මලාවි/ පයිරොප්/ලියුකො/ස්පෙසටයිට් ඒ අතරින් කිහිපයක්. බ්ලූ ගානට් කියන වර්ගය අතිශය දුර්ලභයි. ලියුකො දුර්ලභයි… මේ අතර පසිංගල් වගේ වර්ණ මාරුවන ගල් තියනවා. ඒවා දුර්ලභයි. ගොඩක් දුරට ගානට් කියන ගල් වර්ගය මාතර කඹුරුපිටියෙන් හම්බවෙනවා. උදාහරණයකට කිව්වොතින් පතලේ මුදලාලි ගල් ලොට් එකක් අරන් ඇවිත් ඒ ගල් ලොට් එකට මිලක් කියන්න කියනවා. ගාණක් කියල දැනගත්තත් එයා හරියට දන්නෙත් නෑ මේ ගල් වර්ගය එකින් එකට මොකක්ද කියලා. මම පරීක්ෂා කරලා බලලා ඒ ගල් ටිකට දෙන්නම එකඟ වෙන ගාණකට මිලදී ගන්නවා. ඒ ගාණ අපි හිතමු රුපියල් 8000යි කියලා. ඒ ගල් ටික ගෙනල්ලා වැඩිදුර පරීක්ෂා කරලා බලද්දි එකක් දෙකක් කලර් චෙන්ජ් හරි උණොත් එක ගලක් රුපියල් එක් ලක්ෂ 180,000කට විකුණන්න පුළුවන්. මොකද කලර් චෙන්ජ් මිල අධිකයි.
අදාළ මැණික සහ එහි ප්‍රමාණ
ඔය මලයා කියන ගල් වර්ගය හම්බවෙන්නේ ටැන්සානියාවේ සහ කෙන්යාවල තියෙන උම්බා කියන ගංගාව ආශ්‍රිත උතුරු මිටියාවත් වල ප්‍රදේශයෙන් විතරයි. ඨෂක් හරි /ඔඨඛ/ඨඨඔඛ හරි මොනයම් හෝ රසායනාගාර රිපෝට් එක එනකම් අපි කවුරුවත් හරියටම දන්නේ නෑ මේ ගල් වර්ගය මොකක්ද කියලා. එහෙම තමයි මැණික් කර්මාන්තය.”
ඔහු අපට මේ වටිනා මාණික්‍යය හිමි වූ ආකාරයත් මැණික් කර්මාන්තයේ ස්වභාවයත් හරි අපූරුවට විස්තර කළේය. ඊට පොඩි බාධා කිරීමක් කළ අප ඔහුගෙන් විමසා සිටියේ මැණික් කර්මාන්තයට අත්පොත් තැබුවේ කෙසේද යන්නයි. අප එම ප්‍රශ්නය ඔහු වෙත යොමු කළේම මැණික් කර්මාන්තයට පය තබන්නට සිටින ආධුනිකයෙකුටද එය යම් තරමක පිහිටක් වන බැවිනි.
“මම 2008 වසරේ තමයි උසස් පෙළ කළේ. ඒ කෘෂිකර්ම විෂය ධාරාවෙන්. ඊට පස්සේ මම පොළොව සම්බන්ධ විවිධ දේවල් කළා. පස් ගැන විවිධ පර්යේෂණ සිදු කළා. ඛනිජ වර්ග ගැන සොයා බැලුවා. ඒ ගැන පොත් ලිව්වා. මුහුද ගැන හොයන්න ගත්තා. ඒ පිළිබඳ මගේ ලොකු උනන්දුවක් තියෙනවා. ඔය හරහා තමයි මැණික් කියන කර්මාන්තයට මම අත ගැහුවේ. 2021 තමයි මම මුලින්ම අලෙවි නියෝජිතයකු වශයෙන් බලපත්‍රය ගත්තේ. මේ දක්වා මම බලයලත් අලෙවි නියෝජිතයකු වශයෙන් කටයුතු කරනවා.”
මෙතරම් දුර්ලභ මැණික් සඳහා ඇති වෙළෙඳපළ වටිනාකම පිළිබඳවද ඔහු කියන්නට විය.
“ලෝකයේ ඉන්න ගොඩක් ධන කුවේරයෝ මේ වගේ දුර්ලභ මැණික් සංචිතයක් තමන් සතු කරගන්න ලොකු කැමැත්තක් දක්වනවා. මේ මැණික් වර්ගය ලෝකයේ දුර්ලභම මැණික් අතරින් හතර වැනි තැන තියෙන්නේ. ඒ වගේ මැණිකක් තමන් ළඟ තියාගන්නවා කියන්නේ ලොකු කීර්තියක් වගේම විශ්ව ශක්තිය අතිශය වැඩිවෙන්න බලපානවා. ඒ කීර්තිය හැමෝටම ලබන්න බැහැ. ඒ වගේම ඒ වර්ගයේ මැණික් හැමෝටම ලැබෙන්නෙත් නැහැ.
අතිශය දුර්ලභ මෙවැනි මැණිකක් විකිණීමේ ක්‍රියාදාමය ලෙහෙසි පහසු ද නැත. ගජනාථට ඒ ගැන ඇත්තේ ද හසල දැනුමකි.
“මේ මැණිකට අදාළව මම ජී. අයි. සී. සහතිකය අරගෙන තියෙනවා. නමුත් මේ ගල ජාත්‍යන්තර මැණික් වෙන්දේසියකට ඉදිරිපත් කරනවනම් ජී. අයි. ඒ. (Gemmological Institute of America) සහතිකය ගන්න ඕනේ. ඒ සඳහා ඩොලර් 35000කට වැඩියෙන් අපිට වියදම යනවා. මැණිකත් අරගෙන මම ඇමරිකාවට යන්න ඕනා. එහෙම නැත්නම් තායිලන්තේ යන්න ඕනි. නමුත් ඒ වියදම දරාගෙන කිසිම කෙනෙක් ඒ විදිහට කරන්නේ නැහැ. ඒක නිසාම තමයි මැණික් ලෝකයට ඉදිරිපත් විම සීමිත වෙලා තියෙන්නේ…මොකද එහෙම කරන්න අමාරුයි. වෙන්දේසියකට ඉදිරිපත් කරන්න ලක්ෂ 600කට තැන්පතුවක් තියන්න ඕනි… ඕකයි ජාත්‍යන්තර බිලියනපතියන්ගේ වෙන්දේසිවල තත්ත්වය. නමුත් අපි වගේ රටක කෙනෙකුට එහෙම කරන්න බැහැ. ඒකයි අද වෙනකොට ලංකාවෙන් හම්බවෙන ගොඩක් දුර්ලභ මැණික් ලෝකයට ඉදිරිපත් නොවී වෙන ක්‍රමයකින් ගැනුම්කරුවෙක් මගින් රට යන්නේ. ඒකෙන් වෙන්නේ රටට ලැබෙන්න තියෙන කීර්තිය වගේම විශාල මුදලක් අහිමි වෙන එක.” මොකද මේ අපි ඉන්නේ මිදුල අතුගෑවත් මැණික් ලැබෙන රටක. ඉහේ කෙස් ගාණට ගොඩ ඉල්ලම් හම්බුණ අය ඉන්නවා. මේක හරිම වාසනාවන්ත රටක්. ඔහු අපේ කතාවට සමුදුන්නේ එසේය.
සමීර කන්නන්ගර

