පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘රන් සපත්තුව‘ සම්මානය ප්‍රංශයේ කිලියන් එම්බාපේ විසින් දිනාගත්තා. ඔහු මෙම සම්මානය දිනාගත් පිට පිටම දෙවැනි අවස්ථාව ද මෙයයි. මෙවර තරගාවලියේදී කිලියන් එම්බාපේ ගෝල 10ක් ලබාගත්තා. ඒ තරග 8කට සහභාගී වෙමින්. මීට පෙර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ද ‘රන්…
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘රන් සපත්තුව‘ සම්මානය ප්‍රංශයේ කිලියන් එම්බාපේ විසින් දිනාගත්තා. ඔහු මෙම සම්මානය දිනාගත් පිට පිටම දෙවැනි අවස්ථාව ද මෙයයි. මෙවර තරගාවලියේදී කිලියන් එම්බාපේ ගෝල 10ක් ලබාගත්තා. ඒ තරග 8කට සහභාගී වෙමින්. මීට පෙර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ද ‘රන් සපත්තුව‘ සම්මානය දිනාගත් ඔහු එවර ලබාගත් ගෝල සංඛ්‍යාව 8ක්. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ‘රන් සපත්තුව‘ සම්මානය දෙවරක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස ද කිලියන් එම්බාපේ ඉතිහාසයට එක්වනවා. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වන්නේද කිලියන් එම්බාපේයි. ඔහු පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මේ වනවිට ලබාගෙන තිබෙන මුළු ගෝල ගණන 22ක්. කෙසේවෙතත් මෙම ජයග්‍රහණය පිළිබද අදහස් දක්වමින් කිලියන් එම්බාපේ කියා සිටියේ තමන් ලැබූ මෙම තනි සම්මානයට වඩා කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන යාමට තිබුණා නම් තමන් වඩාත් සතුටු වන බවයි. ඔහු නියෝජනය කරන ප්‍රංශ කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජය වූ අතර තුන්වන ස්ථානය සදහා වූ තරගයේදී ඔවුන් එංගලන්තය හමුවේද පරාජය වුණා. ඒ අනුව ප්‍රංශ කණ්ඩායමට මෙවර තරගාවලියේදී හිමි වූයේ 4වන ස්ථානයයි.

