මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ජාලය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ හඳුනාගෙන අවසන් බව පොලිසිය පවසනවා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පැවසුවේ ඉදිරි කාලසීමාව තුළ පාතාල ක්‍රියාකාරකම් බොහෝ සෙයින් පාලනය කිරීමට ආරක්ෂක අංශවලට හැකි වනු ඇ…

මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ජාලය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ හඳුනාගෙන අවසන් බව පොලිසිය පවසනවා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පැවසුවේ ඉදිරි කාලසීමාව තුළ පාතාල ක්‍රියාකාරකම් බොහෝ සෙයින් පාලනය කිරීමට ආරක්ෂක අංශවලට හැකි වනු ඇති බවයි. "ඇත්තටම මේ වෙනකොට අපි සියලුම කණ්ඩායම් ගැන අඳුරගෙන තියෙන්නේ. ඒ වගේම ඔය තර්ජනය තියෙන අය සම්බන්ධයෙන් ඒගොල්ලන්ටත් අපි දැනුවත් කරලා තියෙනවා. ප්‍රාදේශීය පොලීසිය ඒ වගේම අපේ බුද්ධි අංශ දැනුවත් කරලා තියෙනවා. ඉතින් දැවැන්ත වැඩපිළිවෙලක් ඉදිරියේදී අපි කරගෙන යනවා, දැනටත් කරගෙන යන ගමන් තියෙන්නේ. මොකද එකපාරටම අපිට පහසු වෙන්නේ නැහැ. මොකද මේක කාලයක් තිස්සේ සංවිධානය වෙලා... වචනයෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්නේ. ලොකු සංවිධානයක්. එතකොට කාලයක් අපිට අවශ්‍යයි. මොකද අපි දැන් තමයි සිස්ටම් එකට වැටිලා තියෙන්නේ. ඉතින් අපි සියලුදෙනා මේකට මැදිහත් වෙලා... ශ්‍රී ලංකා පොලීසිය පමණක් නෙමෙයි, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව අපිට සියලු කණ්ඩායම් එකතු වෙලා මේකට විශාල විදියට කැපකිරීමක් කරනවා. ඉදිරියේදී මං හිතන්නේ සෑහෙන දුරට ඒක පාලනය කරගන්න අපිට පුළුවන් වෙයි."