බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වීමට වැඩි ඉඩකඩක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. මැණික් කටුවෙහි සැත්කමකට අදාළව පැතුම් නිස්සංක ලන්ඩනය බලා පිටත්ව යෑමට නියමිත බවයි වාර්තා වන්නේ. දීර්ඝ කාලයක සිට පැවති…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වීමට වැඩි ඉඩකඩක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. මැණික් කටුවෙහි සැත්කමකට අදාළව පැතුම් නිස්සංක ලන්ඩනය බලා පිටත්ව යෑමට නියමිත බවයි වාර්තා වන්නේ. දීර්ඝ කාලයක සිට පැවති මැණික් කටුවේ ආබාධයට මෙලෙස ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ටික කලක් විවේකීව සිටීමටයි පැතුම් තීරණය කර ඇත්තේ. ඒ අනුව ඔහු දැනටමත් 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. මේ අතර කොදෙව්වන් සමග පැවති පළමු ටෙස්ට් තරඟයේදී කලවා මාංශ පේශි ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ද අද තරඟය අහිමිවීමේ වැඩි ඉඩ කඩක් පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි.