සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 34කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5ක…

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 34කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 186 ක් රැස් කළා. එහිදී තන්සිඩ් හසන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 58 ක්. සයිෆ් හසන් ලකුණු 55 යි. පන්දු යැවීමේදී රිචඩ් න්ගරාවා  සහ බ්‍රැඩ් එවන්ස්  කඩුළු දෙක බැගින් බිදහෙළුවා. ජයග්‍රාහී ලකුණු 187ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කිරිමට හැකි වූයේ ලකුණු 152 ක් පමණයි. සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ රයන් බර්ල්  රැස් කළ ලකුණු සංඛ්‍යාව 29 ක්. පන්දු යැවීමේදී රිෂාඩ් හොසේන් කඩුළු 4 ක් සහ මහේදි හසන් කඩුළු 3 ක් බිද හෙළුවා. තරග තුනකින් සමන්විත දෙරට අතර පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරග ජය ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි. දෙරට අතර අවසන් පන්දුවාර විස්ස තරගය හෙට පැවැත්වෙනවා.