පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයකට බලපෑ භූකම්පන දෙකකින් පුද්ගලයන් 6 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. එහිදී තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම භූකම්පනවල ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.1ක් සහ 3.7ක් ලෙස සටහන් වී තිබෙනවා. පේරු අගනුවර වන ලීමා නගරයේ සිට ක…

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයකට බලපෑ භූකම්පන දෙකකින් පුද්ගලයන් 6 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. එහිදී තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම භූකම්පනවල ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.1ක් සහ 3.7ක් ලෙස සටහන් වී තිබෙනවා. පේරු අගනුවර වන ලීමා නගරයේ සිට කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිරින් පිහිටි ජුනින් ප්‍රදේශයේ එම භූකම්පන හටගෙන ඇති බවයි එරට ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සදහන් කළේ.