තම පෙම්වතිය සමඟ ලිංගිකව හැසිරෙන වීඩියෝ පටයක් මුහුණු පොත හරහා සමාජ මාධ්‍ය වෙත මුදාහළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු, එම තරුණිය කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීමට අළුබෝමුල්ල පොලිසිය සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනාපිනුවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන 22 හැවිර…
තම පෙම්වතිය සමඟ ලිංගිකව හැසිරෙන වීඩියෝ පටයක් මුහුණු පොත හරහා සමාජ මාධ්‍ය වෙත මුදාහළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු, එම තරුණිය කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීමට අළුබෝමුල්ල පොලිසිය සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනාපිනුවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන 22 හැවිරිදි කොස්තාපල්වරයෙක්. අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ, සැකකාර කොස්තාපල්වරයා සමඟ වසර තුනක පමණ කාලයක් ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවයි. එහිදී තමන් සමඟ ලිංගිකව හැසිරෙන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක්, මෙම පොලිස් නිලධාරියා විසින් තමන්ගේම නමින් තිබූ ව්‍යාජ මුහුණු පොතේ ගිණුමක් හරහා සිය මිතුරියකට යොමු කර ඇති බව ඇය පවසා තිබෙනවා. පසුව එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, නැතහොත් අදාළ වීඩියෝව මුළුමනින්ම සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවටත් කොස්තාපල්වරයා තමන්ට දිගින් දිගටම දුරකථනයෙන් තර්ජනය කළ බවයි තරුණිය පවසන්නේ. අනතුරුව ඔහු එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව ද පැමිණිල්ලේ සටහන් වනවා. කරන ලද දැනුම්දීමකට අනුව සැකකාර කොස්තාපල්වරයා පොලිස් ස්ථානය වෙත පැමිණීමෙන් පසු දෙපාර්ශවයෙන්ම කරුණු විමසා තිබෙනවා. එහිදී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 345 සහ 486 යන වගන්ති යටතේ ලිංගික හිරිහැර කිරීම සහ මරණීය තර්ජනය කිරීම යන වැරදි යටතේ ඔහු ව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ. කෙසේවෙතත්, අදාළ වීඩියෝ පටය තරුණියගේ කැමැත්ත මත ඇයගේම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් පැමිණිලිකාර තරුණියගේ ද යම් සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වනවා. සැකකාර කොස්තාපල්වරයාව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

