මහනුවර ඇසළ පෙරහැර සමයේ පොලිස් නිලධාරිනියක ලෙස ව්‍යාජව පෙනී සිටිමින්,පොලිස් නිල ලාංඡනය සහිත ටී ෂර්ට් එකක් හැඳ ,පොලිසියේ නිල ලාංඡන ළඟ තබාගෙන සිටියදී ,සැකපිට අත් අඩංගුවට ගත් හන්දෙස්ස ,අලපාවල පදිංචි 26 හැවිරිදි තරුණිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසු, ලබන සැප්තැම්බර්…

මහනුවර ඇසළ පෙරහැර සමයේ පොලිස් නිලධාරිනියක ලෙස ව්‍යාජව පෙනී සිටිමින්,පොලිස් නිල ලාංඡනය සහිත ටී ෂර්ට් එකක් හැඳ ,පොලිසියේ නිල ලාංඡන ළඟ තබාගෙන සිටියදී ,සැකපිට අත් අඩංගුවට ගත් හන්දෙස්ස ,අලපාවල පදිංචි 26 හැවිරිදි තරුණිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසු, ලබන සැප්තැම්බර් 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මහනුවර පොලිසියේ විශේෂ කාර්යාංශයේ කණ්ඩායමක් විසින් මෙම තරුණිය මහනුවර නගරයේදී සැකපිට අත්අඩංගුවට ගෙන මහනුවර පොලිස් මූලස්ථානයට භාර දී තිබුණි.

මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණ මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.එස්.කේ. සමරනායක – සෙංකඩගල