කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කුමන ආකාරයෙන් හෝ පැනවීමට රජය පියවර ගෙන නොමැති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා. ඔහු කියා සිටියේ දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්…

කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කුමන ආකාරයෙන් හෝ පැනවීමට රජය පියවර ගෙන නොමැති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා. ඔහු කියා සිටියේ දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි. ''ලියාපදිංචි ලිපිගොනු පදනම් කරගනිමින්, නෛතික ගැටලු නොමැති හීලෑ අලියතුන් සංඛ්‍යාව 56ක් ලෙස දැනට හඳුනාගෙන තිබේ. එම ලිපිගොනු නිරවුල්ව පවතී. ඉහත සඳහන් කළ නෛතික ගැටලු නොමැති හීලෑ අලියතුන් සහ ඔවුන්ගේ හිමිකරුවන්ගේ ලිපිනයන් ඇතුළත් වාර්තාව මම සභාගත කරමි.'' පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය විසින් මෙහිදී වර්තමානයේ මතුව ඇති ගැටළු කිහිපයක් ද මතු කර දැක්වූවා. ''පසුගිය දිනවල විශේෂයෙන්ම අපගේ බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ උත්සව සහ ආගමික වැඩසටහන් සඳහා හීලෑ අලියතුන් සම්බන්ධ කරගැනීම පිළිබඳව විශාල කතිකාවතක් ඇතිවී තිබෙනවා.මහනුවර දළදා පෙරහැර වැනි ආගමික හා සංස්කෘතික උත්සව අපගේ ජාතික උරුමයේ සහ අනන්‍යතාවයේ වැදගත් කොටසක්. කෙසේ වෙතත්, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා සඳහන් කළ පරිදි එම සංඛ්‍යාව අඩුවෙමින් පවතිනවා. එයින් බහුතරයක්, එනම් 70%ක්ම අවුරුදු 65ත් 70ත් අතර වයසේ පසුවන හීලෑ ඇතුන්.මේ ආකාරයෙන් ඉදිරියට ගියහොත් අපගේ මෙම සම්ප්‍රදායන් පවත්වාගෙන යාමට අපහසු වනවා. විශේෂයෙන්ම අලියතුන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව තහවුරු කරමින්, මහනුවර දළදා පෙරහැර වැනි සියවස ගණනාවක් පැරණි සම්ප්‍රදායන් අනාගත පරපුරටත් රැගෙන යාම සඳහා රජය ගැනීමට බලාපොරොත්තු වන දිගුකාලීන සැලැස්ම කුමක්ද?'' පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසුවේ අදාල සංස්කෘතික කටයුතු වෙනුවෙන් රජය පහසුකම් නිරන්තර සපයන බවයි. ''විශේෂයෙන්ම කියන්න ඕනේ, දළදා පෙරහැර හෝ වෙනත් ආගමික කටයුතු සඳහා අලියතුන් ලබාදීම සම්බන්ධයෙන් කිසිඳු නියෝගයක්, කිසිඳු බාධාවක්, කිසිඳු ආකාරයකින් ලබා නොදීමේ තීරණයක් රජයේ නෑ. ඒ වෙනුවෙන් අදාළ පහසුකම් අපි සපයනවා. වර්තමාන රජය තීරණය කළා විශේෂයෙන්ම සංස්කෘතික හා බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශයත්, ඒ වගේම මේකට විශේෂඥ කණ්ඩායමක් එක්ක ගැසට් නිවේදනයක් සකස් කිරීම සම්බන්ධයෙන්. මං හිතන්නේ ඒකේ හොඳ විශේෂඥ පිරිසක් ඉන්නේ. ඒ පිරිස මේ වෙනකොට ඒක සකසමින් තියෙනවා, ඒක අවසාන අදියරේ තියෙන්නේ. මෙන්න මේ හීලෑ අලියතුන් ළඟ තබාගැනීම, විශේෂයෙන්ම සංස්කෘතික කටයුතු සහ පෙරහැරවල් සඳහා අලියතුන් ලබාදීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කිරීම සඳහා...''