ඉන්ධන වර්ග කිහිපයක මිල පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමුවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දැමූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. එම පෙට්‍රල් ලීටරයක දැන් මිල රුපියල් 414ක්. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල…

ඉන්ධන වර්ග කිහිපයක මිල පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමුවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දැමූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. එම පෙට්‍රල් ලීටරයක දැන් මිල රුපියල් 414ක්. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් ද පහළ දමා තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 382ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නැහැ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 495 කටත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 478කටත් භූමිතෙල් ලීටරයක් රුපියල් 285කටත් තවදුරටත් අළෙවි කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.