වස්කඩුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි පිස්තෝලයක්, පතරොම් සහ මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්ත වානිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. ඒ අනුව සැකකරු සන්තකයේ තිබී පිස්තෝලයක්, ඊට යොදන…
වස්කඩුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි පිස්තෝලයක්, පතරොම් සහ මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්ත වානිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. ඒ අනුව සැකකරු සන්තකයේ තිබී පිස්තෝලයක්, ඊට යොදන පතරොම් 30 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 85 යි මිලිග්‍රෑම් 410 ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 98,000ක මුදලක්ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

