දශක දෙකකට පමණ පසු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා දීමට රුමේෂ් තරංග අද සමත් වුණා. ඒ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන්. පොදු රාජ්‍ය මණ්ඩලියිය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව…
දශක දෙකකට පමණ පසු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා දීමට රුමේෂ් තරංග අද සමත් වුණා. ඒ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන්. පොදු රාජ්‍ය මණ්ඩලියිය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වෙනවා. එමෙන්ම පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මෙලෙස රන් පදක්කමක් දිනා ගත්තේ වසර 76ට පසුවයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්ව පැවැත්වෙනවා. එහිදී රුමේෂ් තරංග සහභාගි වූ හෙල්ල විසි කිරීමේ ඉසව්ව පැවැත්වුණේ අද අලුයමයි. දහසක් ශ්‍රී ලාංකික බලාපොරොත්තු සමග මෙම තරංගයට සහභාගි වූ රූමේෂ් තරංග එහිදී මීටර 89යි සෙන්ටිමීටර් 75 ක ඉතා ඉහළ දක්ෂතාවක් දැක්වුවා. මෙම දක්ෂතාවත් සමඟයි ඔහු රන් පදක්කම දිනා ගත්තේ. ජයග්‍රහණයෙන් පසු අදහස් දක්වමින් රූමේෂ් තරංග කියා සිටියේ මෙම ජයග්‍රහණය පිළිබඳ ඉමහත් සේ සතුටු වන බවයි. මෙය රට වෙනුවෙන් ලැබූ ජයක් ග්‍රහණයක් බවද ඔහු පැවසුවා. මෙවර පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන්නේද රුමේෂ් තරංගයි.
රූමේෂ් තරංග රන් පදක්කම දිනාගත් හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් දෙකම ඉන්දියාවට හිමිවුණා. රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 85යි සෙන්ටිමීටර් 83ක දක්ෂතාවක් දක්වමින් නීර්ජා චොප්රා. මීටර් 85යි සෙන්ටිමීටර් 41ක දක්ෂතාවක් දක්වමින් යශ්වීර් සිං එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා.







