මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාව තත්පර දශම කිහිපයකින් ගිලිහී ගියා. ඒ පැරා මීටර් 100 T47 කාන්තා ධාවන ඉසව්වේදී. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුණු ජනනි ධනංජනා ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද දක්වමින් තත්පර 12යි දශම 5…
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාව තත්පර දශම කිහිපයකින් ගිලිහී ගියා. ඒ පැරා මීටර් 100 T47 කාන්තා ධාවන ඉසව්වේදී. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුණු ජනනි ධනංජනා ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද දක්වමින් තත්පර 12යි දශම 5යි 0ක කාලයකින් තරඟය නිමා කලා. ඒ අනුව ඇයට හිමිවූයේ 4 වන ස්ථානයයි. තත්පර 12යි දශම 4යි 6ක කාලයකින් තරඟය නිමා කළ නවසීලන්ත ක්‍රීඩිකා ඇනා ග්‍රිමාල්ඩි ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඒ අනුව ජනනි ධනංජනාට ලෝකඩ පදක්කම අහිමි වී ගියේ තත්පර දශම 0යි 4 ඉතා සුළු වෙනසකින්. තරගයේ රන් හා රිදී පදක්කම් දෙකම කැනේඩියානු ක්‍රීඩිකාවන් විසින් දිනා ගත්තා. මේ අතර තුන් පිම්ම කාන්තා ඉසව්වට තරඟ වැදුණු ශ්‍රී ලංකාවේ මදුශානි හෙරත් එහි හය වන ස්ථානය දිනා ගත්තා. ඇය දැක්වූ දක්ෂතාව මීටර් 13යි සෙන්ටිමීටර් 22ක්. මෙහිදී ඇයට ලෝකඩ පදක්කම ගිලිහී ගියේ සෙන්ටිමීටර් 74ක පරතරයකින්. මීටර් 13යි සෙන්ටිමීටර් 96ක දක්ෂතාවක් දැක්වූ ජමෙයිකානු ක්‍රිඩිකා ශාන්ටේ ෆෝමන් ලෝකඩ පතක්කම දිනා ගත්තා. රන් පදක්කම දිනා ගත්තේ ඩොමිනිකා රාජ්‍ය නියෝජනය කරන තියා ලැෆ්ඩෝන් විසින්. ඇය තරඟයේදී මීටර් 14යි සෙන්ටිමීටර් 60ක දක්ෂතාවන් දැක්වූවා. රිදී පදක්කම දිනා ගත්තේ ජමෙයිකාවේ අකේලියා ස්මිත් විසින්. ඇය දැක්වූ දක්ෂතාව මීටර් 14යි සෙන්ටිමීටර් 4ක්. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙල කැනඩාවේ ග්ලාස්ගොව් හිදී පැවැත්වෙනවා.











