රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ එම ප්‍රදේශවල සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව පොලීසිය පවසනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උත…

රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ එම ප්‍රදේශවල සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව පොලීසිය පවසනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා පොලිස් ඇදිරි නීතිය පැනවු බවයි පොලීසිය පැවසුවේ. මහර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්තාවක් හටගෙන තිබුණේ ඊයේ පස්වරු 4ට පමණයි. ඉන් අනතුරුව රැඳවියන් පිරිසක් මහර බන්ධනාගාරයේ වහලක් මත නැහ විරෝධය දැක්වූවා. ඒ ගල් ප්‍රහාර ද ඔවුන් විසින් නිලධාරීන් වෙත එල්ල කරමින්. තවත් රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනි තබා තිබුණා. සිද්ධිය සැලවීමත් සමග රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් බන්ධනාගාරය ඉදිරියට පැමිනියා. යම් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි පොලීසිය පියවර ගත්ත. එවන් පසුබිමක් තුළ මහර බන්ධනාගාරයේ සහ පිටත සාමය ආරක්ෂා කිරීම සදහා පොලිසිය, පොලිස් විශේෂ බලකාය සහ යුද හමුදා නිලධාරීන් මහර බන්ධනාගාරය වෙත පැමිණියා. එමෙන්ම ගුවන් හමුදා වද ඊයේ රාත්‍රියේ ගුවනින් එම බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කළා. ඒ සදහා මහර බන්ධනාගාරයේ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා බෙල් 412 ගුවන් හමුදා හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් යොද වනු ලැබුවා. මේ අතර මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව හමුවේ එක් රැඳවියෙකු මිය ගියා. තුවාල ලැබු තවත් රැඳවියන් 6 දෙනෙකු ප්‍රතිකාර සදහා රාගම රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා. මේ අතර මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින් සියලු බන්ධනාගාර වල ආරක්ෂාව තර කර තිබෙනවා