දඬුවම් නියම කිරීම ජූලි 28 වැනිදා පහරදී තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනකුට මරණීය තර්ජනය කිරීම අයුතු අවහිරය සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට, ඔහුගේ රියැදුරුට සහ ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකුට එරෙහිව බදුල්ල මහාධිකරණය…

දඬුවම් නියම කිරීම ජූලි 28 වැනිදා පහරදී තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනකුට මරණීය තර්ජනය කිරීම අයුතු අවහිරය සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට, ඔහුගේ රියැදුරුට සහ ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා චමින්ද විජේසිරි මහතා සහ රියැදුරු බන්දුල රත්නායක යන දෙදෙනා චෝදනා හරතටමත් ඇමැති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වැරදිකරු බවට තීරණය කර තිබේ. ඊයේ (25දා) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ජූලි 28 දක්වා කල් තබා ඇති අතර රියැදුරු බන්දුල රත්නායක මියගොස් ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත. 2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, පොලිස් ජීප් රථයක් ඔහුගේ රථය ඉස්සර කරගෙන යෑම සම්බන්ධයෙන් ඇති වූ බව කියන බහින් බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී හෙළි විය. තමන් පසුකරගෙන ගිය පොලිස් ජීප් රථයේ මඟ හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජනය කර පහරදී තුවාල සිදුකර ඇති බවද පැමිණිල්ල විසින් ප්‍රකාශ කර තිබේ. දඬුවම් නියම කිරීම ජූලි 28 වැනිදාට නියම කෙරිණි. ඒ.ජේ.ඒ. අබේනායක