පොසොන් පුරපස්ළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඊයේ පස්වරුව වන විටත් දන්සැල් 18,129ක් ලියාපදිංචි වී තිබු බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ. අනුරාධපුර පූජා භූමිය…
පොසොන් පුරපස්ළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඊයේ පස්වරුව වන විටත් දන්සැල් 18,129ක් ලියාපදිංචි වී තිබු බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ. අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව පමණක් දන්සැල් 200 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා. එම දන්සැල් සඳහා අනුරාධපුර නගර සභාව විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක සියළු දන්සැල් පරීක්ෂා කිරීම් සිදු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවා. දන්සැල් පැවැත්වීමේ දී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයට ගැනීමෙන් වැළකිය යුතු බවයි ඔහු අවධාරණය කළේ. මේ අතර පොසොන් කලාප ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් ද අද සිට මෙම සතිය පුරාම විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවා.

