ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ බොහෝ රෝහල්වල ළමා වාට්ටු ද පිරී ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා. ඔහු කියා සිටියේ රෝග ව්‍යාප්තිය පාලනය නොකලහොත් මෙම තත්ත්වය තවත් උත්සන්න විය හැකි බවයි. මේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52 යි…
ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ බොහෝ රෝහල්වල ළමා වාට්ටු ද පිරී ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා. ඔහු කියා සිටියේ රෝග ව්‍යාප්තිය පාලනය නොකලහොත් මෙම තත්ත්වය තවත් උත්සන්න විය හැකි බවයි. මේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52 යි දශම 4යි දෙකක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක්. එමෙන්ම සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව ද 35 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. මේ අතර ඊයේ දිනයේ සිට යළිත් දිවයින පුරා දින 03ක මදුරු මර්දන වැඩසටහනක් ද ආරම්භ වුණා.

