ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලු‍යම අභාවප්‍රාප්ත වු බවයි පවුලේ ඥාතින් පැවසුවේ. මිය යන විට මරියසෙල් ගුණතිලක මහත්මිය 68 වියෙහි පසුවුණා. ඇයගේ දේහය පිළිබද අවසන් ක…

ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලු‍යම අභාවප්‍රාප්ත වු බවයි පවුලේ ඥාතින් පැවසුවේ. මිය යන විට මරියසෙල් ගුණතිලක මහත්මිය 68 වියෙහි පසුවුණා. ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුදෙන බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන මරියසෙල් ගුණතිලක මහත්මිය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබෙනවා.