පුද්ගල ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතායි. මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් හත් ද…
පුද්ගල ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතායි. මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් හත් දෙනකු අද දින අධිකරණයේ පෙනී සිටි අතර තවත් එක් විත්තිකරුවකු නොමැතිව නඩු විභාගය පැවැත්වීමටද අධිකරණය තීන්දු කර තිබුණා. 1997 වසරේ සැප්තැම්බර් මස 21 වනදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ අධිකරණය බලසීමාවට අයත් තාරාවත්ත ප්‍රදේශයේ දී හේවා බටගොඩගේ කුසුමාවතී සහ වේලායුධම් උදයකුමාර් යන අයගේ මරණය සිදු කර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අපරාධ සිදු වී ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි. ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

